නියෝජ්‍ය කතානායක ධූරය සඳහා අද(05) පැවති රහස් ඡන්දයේදි වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්ද 53 ක් හිමි වු අතර ආනන්ද කුමාරසිරි මන්ත්‍රිවරයාට ඡන්ද 97ක් හිමි වූ අතර ඒ අනුව වැඩි ජන්ද 44ක් ලබාගනිමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආනන්ද කුමාරසිරි මන්ත්‍රිවරයා අට වැනි පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පත්විය.
බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා විසින් මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද කුමාරසිරි මහතා යෝජනා කළ අතර එස්.බි. දිසානායක මන්ත්‍රිවරයා විසින් වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය යෝජනා කළේය.
නියෝජ්‍ය කතානායක ධූරය සඳහා එලෙස නම් 2 ක් යෝජනා වීම හේතුවෙන් රහස් ඡන්දයක් පැවැත් විය යුතු බවට කතානායකවරයා දැනුම් දුන් අතර අනතුරුව ඡන්ද විමසීම ආරම්භ විය.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියේය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජ්‍ය කළ අමාත්‍යවරු 16 දෙනෙකු පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමඟ එම කණ්ඩායමේ සිටි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා තවදුරටත් එම ධූරය දැරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් හට ගත්තේය. අවසානයේ කතානායක හා නියෝජ්‍ය කතානායක යන ධූර දෙකම එක්සත් ජාතික පක්ෂයට හිමි විම විශේෂත්වයක් වෙයි.