රජයේ ඉලක්කය සෑම පුරවැසියෙකුටම ඉඩමක්, නිවසක්, ආදායමක් – අමාත්‍ය කබීර් හෂීම්

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාව අවසානයේදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මෙහෙයවිමෙන් මෙම ඉඩම් ඔස්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකාවේ ඉඩම්වල පෞද්ගලික හිමිකම් පැවරීම පෘතුගීසි සමයේ මුහුදුබඩ ප්‍රදේශවලින් ආරම්භ වී ඇති බව පෙන්වා දුන් කබීර් හෂීම් අමාත්‍යවරයා, නමුත් අදටත් තමන්ට කියා ඉඩම් කැබැල්ලක් නැති විශාල පිරිසක් මේ රටේ ජීවත්විම කණගාටුදායක තත්ත්වයක් බව මෙහිදී අනාවරණය කළේය.

ගලිගමුව වැනි ප්‍රදේශවලදී තමාට ලැබුණු අත්දැකීමක් පැහැදිළි කළ අමාත්‍යවරයා එහිදි ජනතාව තමන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම වෙනුවෙන් ගෙවීමට සිදු වී ඇති තක්සේරු මුදල අඩු කර දෙන ලෙස ඉල්ලා සිටි බව පැවසූ කබීර් හෂීම් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන්ද විශාල සහනයක් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාගේ වැඩපිළිවෙළ හරහා ලැබෙන බව අවධාරණය කළේය.

මේ ආකාරයට කෑගල්ල දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් තමන් ජීවත්වන භූමියට වසර පනහක හැටක ඉතිහාසයක් ඇතත් එම ඉඩම්වල හිමිකම පැවරි නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා  මෙම ගැටලු නිරාකරණය කර දී කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු දෙනා ඉඩමක් හිමි පුරවැසියෙක් බවට පත් කිරීමට අවශ්‍යය ආශිර්වාදය ලබා දෙන ලෙස  ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.