විනය කැඩු ප්‍රසන්න රණවීර සදුදා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට

මැතිසබයේ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරන ලදැයි චෝදනා ලබා සිටින ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සඳුදා (16) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳව වරප්‍රසාද කමිටුව තමා වාචිකව කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි.

රටේ මහත් ආන්දෝලනයට තුඩ දුන් විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමැතිනීගේ කොටි හිතවාදී ප්‍රකාශය ගැන කතා කිරීමටද ඒකාබද්ධ විපක්ෂයෙන් අවස්ථාව ඉල්ලා සිටියත් මූලාසනය මැතිසබයේ උණූසුම්කාරී තත්වයක් ඇතිවු බවයි.

මූලාසනයේ මේ ප්‍රශ්නය කතා සුළු හෝ කාලයක් එකාබද්ධ විපක්ෂයට දුන්නේ නම් මෙවැනි ආකාරයේ කලබලයක් මැතිසබයේ ඇති නොවනු ඇතැයි ද ඔහු කිවේය.

ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා මැතිසබයේ සෙංකෝලය උදුරා ගැනීමට උත්සාහ දරා ඇතැයි පැවසෙන්නේ ඉකුත් (3) වැනි දා අගහරුවාදා  ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබ මැදට පැමිණ උද්ඝෝෂණයක යෙදුණූ අවස්ථාවේදීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.