ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු වසරකට පසු සේවය අවසන් කරයි

2017 වසරේ ජූලි 01 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ලේකම්වරයා ලෙස වැඩ ආරම්භ කළ ඔස්ටින් ප්‍රනාන්දු මහතා වසරක් ගෙවී යද්දී අද(05) දින සේවයෙන් ඉල්ලා අස් වූ බවට නිවේදනයක් නිකුත් කළේය.

ශී‍්‍ර ලංකාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රපති උපාධිධාරියෙකි.

පොළොන්නරුව සහ නුවරඑලිය දිසාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා සමූපකාර සංවර්ධන කොමසාරිස් තනතුර ද හෙබ වූ අතර පුනරුත්තාපන, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස මෙන්ම එක්සත් ජාතික පෙරමුණු රජයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.