මත්ද්‍රව්‍ය ජාවාරම්කාර 19 කට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

ජනපතිතුමාගේ ඉල්ලීමක් පරිදි දැනට මරණීය දණ්ඩණය නියමව බන්ධනාගාර ගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 19 කට මරණ
දඩුවම ක්‍රියාත්මක කිරිම සදහා වන කැබිනට් අනුමැතිය අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලැබී තිබේ.

මීට අමතරව මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම වෙනුවෙන් ගතයුතු නොයෙක් පියවරයන් පිළිබද කැබිනට් රැස්වීමේදි සාකච්චා කර තීරණයන්ට එළඹ ඇත.

මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස වන යෝජනාව අමත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

මත්ද්‍රව්‍ය ජාවාරම වඩාත් සර්ථකව මැඬපැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වය වැඩිවශයෙන් ලබාගැනීම මෙම යෝජනාවෙන් බලාපොරොත්තු වෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.