මෙරට සියලු භෝග වගාවන් සඳහා පනවා තිබූ ග්ලයිෆොසෙට් කෘෂි රසායන තහනම වහාම ඉවත් කරමින් පළිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර් ජනරාල්වරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රජරට ගොවීන් සහ ජනතාව අකාලයේ මරණයට පත්වූ මාරාන්තික වකුගඩු රෝගය ඇතුළුව රට පුරා පැතිර යන බෝ නොවන රෝගවලට ප්‍රධාන හේතුවක් ලෙස කෘෂිකර්මාන්තයේදී උග්‍ර විෂ සහිත කෘෂි රසායන භාවිතය බව පසුගිය කාලයේ හඳුනාගෙන තිබිණි.
ග්ලයිෆොසෙට් එවන් උග්‍ර විස සහිත කෘෂි රසායනයක් වන අතර එය දරුණු පිළිකාකාරකයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද තහවුරු කර තිබේ.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලොව පුරා රටවල් රැසක් ග්ලයිෆොසෙට් කෘෂි රසායන භාවිතය තහනම් කර ඇත.
වෛද්‍ය විශේෂඥයන් හා විද්වතුන් පෙන්වා දුන් කරුණු අනුව වත්මන් රජය බලයට පැමිණීමෙන් පසුව මෙරට කෘෂි කර්මාන්තයේදී ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කෙරිණි.
ග්ලයිෆොසෙට් තහනම් කිරීමෙන් පසු පසුගිය කාලයේ අවස්‌ථා කිහිපයකදීම බහුජාතික සමාගම් හොර රහසේ මෙරටට එම මාරාන්තික කෘෂි රසායනය ගෙන්වා තිබියදී හසුවිය. ඒ අනුව රජයේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුද ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට දැඩි උත්සාහයක නිරත වන අයුරු දක්‌නට ලැබිණි.