අධිකරණයෙන් කට්ටි පැනීමට ගෝඨා දඟලන දැඟලිල්ලක්..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන නීතිය යටතේ කොළඹ මහෙස්‌ත්‍රාත් උසාවියේ නඩුවක්‌ පැවරීමට කොමිසමේ ලිත අනුමැතිය ලබාදී නැති බැවින් එම නඩුව භාර ගෙන පවත්වාගෙන යැමට මහෙස්‌ත්‍රාත්වරයාට අයිතියක්‌ නැතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (02) එම නඩුවට නීති තර්කයක්‌ මතුකරමින් අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ගොඩනැගූ එම තර්කය තහවුරු කිරීමට ඊයේ දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළේය.

අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම් සභා පනතට කළ 78 (1) සංශෝධනයට අනුව කොමිෂන් සභාවේ ලිත අනුමැතිය ඇතිව හෝ හැර මේ පනත යටතේ වූ වරදක්‌ සම්බන්ධයෙන් යම් නඩු පැවරීමක්‌ කිසිදු මහෙස්‌ත්‍රාත් අධිකරණයක්‌ විසින් භාර නොගත යුතු යෑයි ඉතා පැහැදිලිව සඳහන් කර ඇති බවද ජනාධිපති නීතිඥ සිල්වා මහතා පෙන්නා දුන්නේය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක්‌ බණ්‌ඩාර මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර ඔහු කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මතු කළ නීති තර්කය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට හා ඒ ගැන අල්ලස්‌ කොමිසමෙන් උපදෙස්‌ ලබාගැනීමට තමාට කාලයක්‌ අවශ්‍ය බවයි.

ඒ ඉල්ලීමට අනුව එම තර්කය සම්බන්ධයෙන් දරන ස්‌ථාවරය දැනුම් දීම සඳහා අභියාචනාධිකරණය රජයේ නීතිඥ බණ්‌ඩාර මහතාට හෙට (4) දක්‌වා කල් දුන්නේය. රාජපක්‍ෂ මහතා උසාවියට කැඳවීම සහ ඔහුට එරෙහි නඩුව විභාග කිරීම වළක්‌වන්නැයි පෙත්සමෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දරන ස්‌ථාවරය ද රජයේ නීතිඥවරයා විසින් එදින අභියාචනාධිකරණයට දැනුම් දෙනු ඇත.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනු කරනු ලැබුවේ ගාල්ල වරාය අසල මුහුදේ පාවෙන අවි ගබඩාවක්‌ පවත්වා ගෙන යැමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට විශාල පාඩුවක්‌ සිදුකර ඇති බවට චෝදනා කරමිනි.

ඇවන්ගාඩ් සමාගමේ අධිපති ඇතුළු කීප දෙනකුට ද එම නඩුවෙන් චෝදනා එල්ල කර තිබූ අතර නඩුව කැඳවූ මුල් දිනයේම ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සියලුම විත්තිකරුවන්ට නොතිසි නිකුත් කර උසාවියට කැඳවනවාට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දැඩි විරෝධය පළ කළහ.

එහෙත් මහෙස්‌ත්‍රාත්වරයා විසින් එම විරෝධය ප්‍රතික්‍ෂේප කරන ලදී. මහෙස්‌ත්‍රාත්වරයාගේ තීරණය පසුව කොළඹ මහාධිකරණය ද අනුමත කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයට ගොනු කළේ ඉන් අනතුරුවයි.

අචල වෙන්ගප්පුලි සහ අර්ජුන් ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්වෙන අතර පෙත්සම හෙට (04 දා) යළි කැඳවීමට නියමිතය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *