“වියත්මඟක් නැහැ, ඒක වචනයක් විතරයි”; මහින්ද ගෝඨාව නෙළුම් මාවතේදීම කුජීත කර දමයි (Video)

ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සඳහා ආරම්භ කරන ලද “වියත් මඟ” වැඩසටහන ඊයේ(04) හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය ඉදිරියේදීම එය තුට්ටු දෙකට දමමින් කුජීත කරන ලදී.

බැසිල් රාජපක්ෂ මහතාගේ න්‍යාය පත්‍රයකට අනුව පොදු ජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලය වෙත ගෙන්වන ලද ගෝඨාභය රාජපක්ෂ මහතාව ඊයේ (04) සියල්ලන් ඉදිරියේ සැලසුම් සහගතව අසරණ කළ බව කැපී පෙනුණි.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියල්ලන් ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ, “වියත් මාවතක් නෑ, වියත්මාවත වචනයක් විතරයි” යනුවෙනි. මෙය ප්‍රකාශ කරනවාත් සමඟම ඒ අසල සිටි ගෝඨාභයගේ මුහුණ අඳුරු වී ගිය බව ඒ මොහොතේ අසල සිටි පිරිස් පැවසූහ.

කෙසේ වෙතත් මහින්දගේ මෙම ප්‍රකාශයත් සමඟම ගෝඨාභයගේ දේශපාලන ආගමනය සඳහා සම්පාදනය කළ යම් සාර්ථකත්වයක් ලබා තිබූ “වියත්මඟ” බැසිල්ගේ නෙළුම් මාවතේදී මහින්ද විසින් ආදාහනය කරනු ලැබිණ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *