මොන විදියේ විරෝධතා ආවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් තීන්දුව කිසි ලෙසකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුවේදී අවධාරණය කළේය.යහපත් සමාජයක් සෑදීම හොඳින් කියලා බැරිනම් සමහර විට ලෝකයේ බොහෝ රටවල් වගේ නරකින් කරන්නට සිද්ධ වෙනවා යෑයි ද ජනාධිපතිවරයා කීවේය.
චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අනතුරුව පෙරේදා (21 දා) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන කිහිපදෙනෙක් උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරන බවට ගෙන යන ප්රචාරයේ ද කිsසිදු සත්‍යතාවයක් නොමැති බව ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව යම් යම් උදවිය විරෝධතා ඉදිරිපත් කරන නමුත් ඒ අය මේ මහා විනාශකාරී දේ වැළැක්වීමට සහයෝගයක් දී නැතැයි කී ජනාධිපතිවරයා එදා නාගරික ප්‍රදේශවල පමණක් තිබූ මත්කුඩු, මත්පෙති අද ලංකාවේ ඈත පිටිසර ප්‍රදේශවල ද තිබෙන බව ද, පාසල් දරුවන් පවා මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඔවුන්ගේ ව්‍යාපාර සඳහා යොදවා ගෙන ඇතැයි ද කීවේය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන සතියේ නීති අධිකරණ, බන්ධනාගාර ඇතුළු ඊට අදාළ ආයතන ප්‍රධානීන්ගෙන් යුත් කමිටුවක් පත් කරන බව ද, ඒ කමිටුව මගින් මරණීය දණ්ඩනයට යටත් කරන පුද්ගලයන් සහ ඒ සම්බන්ධ දින වකවානු සියල්ල තීන්දු කරනු ඇති බව ද ප්‍රකාශ කළේය.