උතුරේ කාන්තාවන්ට අගමැතිගෙන් අතහිත

ක්ෂුද්‍ර ණය සමාගම්වල උගුලට හසු වී ණය දැලේ පැටලී සිටින උතුරු සහ උතුරු මැද කාන්තාවන්ගේ පොලී මුදල් රුපියල් ලක්ෂය දක්වා කපා දැමීමේ වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22දා) යාපනයේදී ප්‍රකාශයට පත් කළේය.

තිස් වසරක යුද්ධයෙන් හා කන්න කිහිපයක් තිස්සේ පැවැති නියඟයෙන් බැට කෑ උතුරේ කාන්තාවන් තම සැමියන්, දරුවන් හා ඥාතීන් අහිමි වී පීඩාවට පත්ව සිටින පසුබිමක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් ඔවුන් සිය ණය දැලේ පටලවා ගැනීම නිසා කබලෙන් ළිපට වැටී ඇති බවත් ඔවුන් ණය දැලෙන් මුදාගැනීමේ වැඩපිළිවෙළක් සකසන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට දෙන ලද උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

එමෙන්ම මින් ඉදිරියට ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල උපරිම පොලී මුදල ණය මුදලින් සියයට තිහක් නොඉක්ම වියයුතු බවට නීති සංශෝධනය කරන බව යාපනය දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේදී අගමැතිවරයා සඳහන් කළේය.

ගම්පෙරළිය සහ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන කිලිනොච්චිය, මුලතිව් හා යාපනය දිස්ත්‍රික්කවලට හඳුන්වාදීම සඳහා ඉකුත් දෙදින තුළ අගමැතිවරයාත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාත් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් එම ප්‍රදේශවල සංචාරයක යෙදුණාහ.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ පන්සියය දක්වා ණය වර්ග රැසක් එහිදී හඳුන්වා දුන් අතර සැලකිය යුතු පිරිසකට ණය ප්‍රදානය කළේය.

මේ සඳහා රුපියල් බිලියන පන්සියයක මුදලක් වෙන්කර ඇති අතර ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් මෙම ණය මුදල් දෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *