තමන්ද ඉදිරියෙදි රට භාර ගන්න සිටින නායකයෙකු බැවින් පෞද්ගලික සමාගම් සහ ආයතන සමඟ සහයොජයෙන් වැඩ කටයුතු සිදු කළ යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දුම්කොළ නිෂ්පාදන සඳහා සියයට අනූවකට අධික බදු අයකිරිම තුළ දුම්වැටි භාවිතය ඉතා සිඝ්‍රයෙන් අඩු වි ඇති බවත්, මෙලෙස බදු පැනවීම හේතුවෙන් අදාල සමාගම් වලින් තමන්ට විවිධ ගැටළු පැන නැගුන බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ද තමන්ට උපදෙස් දුන් නමුත් කිසිදු අවස්ථාවකදි තමන්ට බධා නොකළ බවද අමාත්‍යවරයා පැවසීය.
දුම්වැටි නිවාරණ ක්‍රියාවලිය හේතුවේ මෙ වන විට නගර සියයකට ආසන සංඛාවක වෙළඳසැල්වල දුම්වැටි අළෙවිය නතර කර ඇති බවත් ලබන වර්ෂය වන විට එය 200 දක්වා ඉහළ දමා ගැනීම තමන්ගේ සිහින බවත් අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය.
තමන් ඒ සඳහා නියෝග ලබා නොදෙන බවත් දුම්වැටි නිවාරණය ඉහළ යවා ගැනිම තමන්ගේ පෞද්ගලික සිහිනයක් පමණක් බවද අමාත්‍යවර වැඩිදුරටත් පැහැදිලි කළේය.
නිදහස් සෞඛ්‍ය සේවයෙන් වියදම් කරන මුදලින් වැඩි ප්‍රමානයක් වැය වන්නේ පෞද්ගලික සමාගම් සඳහා බවත් ඉතා සුළු මුදලක් පමණක් මහජනතාව සඳහා වැය වන බවත් අමාත්‍යවරයා පවසයි.