මහින්දව ඇරපු අපිට මේ ලපයි සිපයි ආණ්ඩුව කජ්ජක්ද..?

2015දී මහ බලගතු මහින්ද රාජපක්‍ෂයන්ගේ ආණ්ඩුව ගෙදර යැවූ අපිට මේ ලපයි සිපයි ඉන්න ආණ්ඩුව ගෙදර යවන එක කජ්ජක් නෙවෙයි. 2020දී වමේ පාලනයක් නොවේ ප්‍රතිපත්තියක් ඇති ආණ්ඩුවක් තැනීමේ ආරම්භය අපි ගෙන තිබෙනවා යැයි රට රකින රට හදන ජනතාවාදී පාලනයක් යනුවෙන් පැවැති සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක ඇහැලියගොඩදී පැවැසීය.

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති මෙම සම්මන්ත්‍රණය අමතමින් බිමල් රත්නායක මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

රටේ වැඩිපුරම කැලෑ කැපුවේ සුද්දෝ. සුද්දන්ගෙන් පස්සේ වැඩිපුරම කැලෑ කැපුවේ දේශපාලකයෝ. රටට පරිසරයත් අයිති බව අපේ ජනතාව දන්නවා. නමුත් පාලකයෝ එය පිළිගන්නේ නැහැ. මේ පාලකයෝ මේ තැනට එව්වේ කවුද? පාර්ලිමේන්තුවේ ඉන්න අන්තිම දූෂිත ජඩ දේශපාලකයාත් මෙතනට ඇවිත් ඉන්නෙ ජනතාවගෙ ඡන්දෙන්. ගේට්ටුව කඩාගෙන, ගේට්ටුවට උඩින් ආව කෙනෙක් ඉන්නවාද? කවුරුවත් බලහත්කාරයෙන් ඇවිල්ලා නැහැ.

රට රැකගන්න නම් රට හදාගන්න නම් රටට ආදරේ කරන සියලු දෙනා එකතු කර ගත යුතුයි. එය ඔබට කරන්න පුළුවන්. අල්ලපු ගෙදර කෙනා සමඟ මේ ගැන කතා කරන්න. ජනාධිපති තනතුර අහෝසි කරන බවට පොරොන්දු වෙවී ජනාධිපතිවරු 5ක් පත් වුණා. මේ හැම කෙනාම ජනාධිපති තනතුර රට බෙදන කටයුතුවලට යොදා ගත්තා. කොටින්ට මුදල් දුන්නා. උතුරු නැඟෙනහිර එකතු කළා. ආයුධ දුන්නා. මේ හැම කරුණකදීම ජනතාව හිතන්නේ ජනතාවගේ පැත්තෙන් නෙවෙයි. ශ්‍රී ල.නි.ප.ය හෝ එ.ජා. පක්‍ෂයෙන් තමන්ගේ පක්‍ෂයේ මතය හැටියටයි.

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 50ක් විතර හිතා ඉන්නේ ජනාධිපති වෙන්න. එ.ජා.ප.යේ මන්ත්‍රිවරයෙක් මා සමඟ කිව්වා එ.ජා. පක්‍ෂයේ 25ක් විතර ඉන්නවලු ජනාධිපති වෙන්න බලාගෙන. නිකම් හිටි මෛත්‍රිට පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි කියලා ඔවුන් කියනවලු.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *