පාර්ලිමේන්තුවේ 225න් 112කට සාමාන්‍ය පෙළවත් නැහැ

අද වන විට අපේ රට දේශපාලන, ආර්ථික, සමාජීය වශයෙන් මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය ඇතුළු සියලු අංශයන්ගෙන් කඩාවැටීමකට ලක්ව තිබෙන බවත්, වත්මන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගන් 112 දෙනෙක්ම අවම වශයෙන් සාමාන්‍ය පෙළවත් සමත් නොවූ ජනතාව මේ වගේ පිරිසකට රට භාරදීම නිසයි අද වන විට රට මේ අගාධයට වැටී තිබෙන බවත් ජවිපෙ මධ්‍යම කාරක සභික හා උෟව පළාත් සභා ජවිපෙ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න පවසයි.

ජාතික විද්වත් සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව පක්ෂ පාට භේදයෙන් තොරව රට ගොඩනැඟීමට කැපවෙන සියලු දේශ හිතෛෂීන්ගේ සහභාගිත්වයෙන් නව දේශපාලන පෙරමුණක් ලබන වසරේ මුල මුලදී බිහිකරන බව ජවිපෙ මධ්‍යම කාරක සභික හා උෟව පළාත් සභා ජවිපෙ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී ඉකුත් (18) පැවැති රැස්වීමකදීය.

අද වන විට අප රට සෑම අංශයකින්ම පරිහානියට පත්කොට ඇති අතර පවතින දේශපාලන ක්‍රමය තුළ යළි කිසිදා මෙරට ගොඩගත නොහැකි බවත් වසර 70ක් පුරා අප රට පාලනය කළ බලලෝභී පාලකයන් විසින් විනාශ කළ රට යළි ගොඩනැඟීමට පෙරමුණ ගැනීම උදෙසා රටට ආදරය කරන උගතුන් වියතුන් ඇතුළු දේශප්‍රේමීන් එක්ව පුළුල් ජනතා බලවේගයක් ලෙස මෙම නව දේශපාලන පෙරමුණ එළිදකින බවත් ඒ මහතා පැවැසීය.

අද වන විට අපේ රට දේශපාලන, ආර්ථික, සමාජීය වශයෙන් මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය ඇතුළු සියලු අංශයන්ගෙන් කඩාවැටීමකට ලක්ව තිබෙනවා. වත්මන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගන් 112 දෙනෙක්ම අවම වශයෙන් සාමාන්‍ය පෙළවත් සමත් නොවූ අය. ජනතාව මේ වගේ පිරිසකට රට භාරදීම නිසයි අද වන විට රට මේ අගාධයට වැටී තිබෙන්නේ. ඒ තත්ත්වයෙන් රට ගොඩගැනීමට පාර්ලිමේන්තුවටත්, පළාත් සභාවලටත් උගතුන්, වියතුන්, බුද්ධිමතුන් යැවිය යුතුයි.

යළි මේ රට ගොඩගන්න නම් නව දේශපාලන මාර්ගයකට අවතීර්ණ විය යුතුයි. ඒ සඳහා පටු දේශපාලන අරමුණු හා පෞද්ගලික ලාභ ප්‍රයෝජන ඉවතලා රට ගොඩනඟන්න කැමැත්ත හැකියාව හා අවබෝධය ඇති රටට ආදරය කරන මිනිසුන් එක්ව පුළුල් ජනතා බලවේගයක් නිර්මාණය කළ යුතුයි.

පක්ෂ, පාට භේදයෙන් තොරව රට ගොඩනැඟීම හා රැකගැනීම අරමුණු කරගෙන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, නීතිවේදීන්, වෛද්‍යවරුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, ගොවි නායකයන් ඇතුළු රටට ආදරය කරන උගතුන්, වියතුන්, බුද්ධිමතුන් පිරිසක් එකතු වී ජාතික විද්වත් සංවිධානය පිහිටුවාගෙන එය දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කොට තිබෙනවා.

ජාතික විද්වත් සංවිධානය තුළ ආර්ථිකය, කෘෂිකර්මය, අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු සියලු අංශයන් සඳහා කමිටු පිහිටුවා ඒ සම්බන්ධ ප්‍රතිපත්ති සැකසීම සිදුකෙරෙන අතර ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාව ළඟට ගිහින් ජනතාවගේ යෝජනාද ලබාගෙන නව දේශපාලන පෙරමුණේ ප්‍රතිපත්ති සකස් කිරීමට සැලැසුම් කොට තිබෙනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *