අධිකරණයට අපහාස කිරීම ඇතුළු අධිචෝදනා රැසකට වරදකරු වූ ඥානසාර හිමිගේ අභියාචනය ප්‍රතික්ෂේපයි! දඬුවම ස්ථිරයි

තමන් වහන්සේට නියම වී තිබෙන වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන්න ලෙස ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග ලබා දුන් බව අප වාර්තාකරු සඳහන් කළේය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනාවට වරදකරු කෙරුණු ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ඉකුත් අගෝස්තු මස 8 වන දා වසර 19 ක සිර දඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එය වසර හයකින් ගෙවී යා යුතු බව නියම කළේය.

එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා ඥානසාර හිමියන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මාර්ගයෙන් අභියාචනා අධිකරණයට කරුණු දක්වනු ලැබුවේය.

එම කරුණු දැක්වීම තුළින් ජනාධිපති නීතිඥවරයා ඥාණසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ තීන්දුවෙ තිබුණු නීතිමය දෝෂ තුනක් පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කළේය.

ඒ අනුව උන්වහන්සේට අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා හිමිකම් තිබෙන බව ජනාධිපති නීතිඥ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

එහෙත් එම ඉල්ලීමට එරෙහිව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා කරුණු ඉදිරිපත් කළේය.

ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ වගඋත්තරකාර පාර්ශ්ව විසින් ඉල්ලා සිටින අභියාචනා ඉදිරිපත් කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කර ලෙසයි.

දෙපාර්ශවය කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඥානසාර හිමියන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

-දෙරණ-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.