ගෝඨාභය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනිමේ පරික්ෂණ දෙකකින් අසමත් වෙයි!

ඇමරිකානු පුරවැසිභාවයෙන් තමා නිදහස් කරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කරනු ලැබ තිබූ අයදුම්පත්‍රයට අදාළව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විශේෂ සම්මුඛ පරීක්ෂණ දෙකක් මේ වනවිට අවසන් වි ඇති අතර එම පරික්ෂණ දෙකෙදිම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අසමත් වි තිබේන බව අමෙරිකානු අප විශේෂ නියෝජිතයෙකු සදහන් කළා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අඟහරුවාදා (07) අලුයම 1.40 ට පමණ හදිසියේම ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේන අතර ඒ සිය ඇමරිකානු පුරවැසිභාවයෙන් තමා නිදහස් කරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කරනු ලැබ තිබූ අයදුම්පත්‍රයට අදාළව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විශේෂ පරික්ෂණ කිහිපයකටම් පෙනී සිටිමටයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා (09) සිට පුරා දින ගණනාවක් මුළුල්ලේ පවත් වන විශේෂ සම්මුඛ පරීක්ෂණ මාලාවකට ගෝඨාභය රාජපක්ෂ මහතා මුහුණදී සිටින අතර ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසි භාවයෙන් තමා නිදහස් කරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කරනු ලැබූ අයදුම්පත්‍රයට අදාළව සිදු කෙරෙන මේ කටයුතු ගෝඨාභය රාජපක්ෂ මහතා ද සම්බන්ධ කර ගනිමින් මේ මස 20 වැනිදා දක්වා වූ කාලය ඇතුළත සම්පූර්ණ කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මේ දක්වා ගෝඨාභය සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යහපත් ප්‍රතිචාර දක්වා නොමැති අතර ඊට මුළිකව හේතු වු කරුණු කිහිපයක්ම ඔහුන් පෙන්වා දි තිබේ.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව් දෙනෙකුගෙන් යුතු විශේෂ විමර්ශන කණ්ඩායමක් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඔහුන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අයදුම්පත්‍රයට අදාළව ක්‍රියා මාර්ග ගැනීම සඳහා අවශ්‍ය කරුණු සොයා බැලීමට කටයුතු කරමින් සිටි.

-ලංකා ලීක්ස්-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *