ඇමරිකාවෙන් පැමිණි ගෝඨා අරලිය ගහ මන්දිරයේ මුලින්ම කරක් ගැසූ හැටි..

ඒ 2005 ජනාධිපතිවරණ සමයයි. ස්ථානය අරලියගහ මන්දිරයයි. බැසිල්, චමල්, ඩලස් ඇතුලු චරිත බොහොමයක් අතිශය කාර්ය බහුල ය. ඔවුහු දිවා රෑ මහින්ද දිනවීම වෙනුවෙන් දර දිය අදිමින් සිටිති. මේ අතර එක් පුද්ගලයෙක් ඩෙනිම් කලිසමක් ඇඳ, ටී ෂර්ට් එකක් උඩින් දමා, රබර් සෙරෙප්පු යුවලක් පැලැඳ, අරලිය ගහ මන්දිරයේ එහා මෙහා ඇවිදින්නේය. ඔහු නෝට් පොතක් බලමින් සිය ජංගම දුරකථනයෙන් එක සීරුවට ඇමතුම් ගන්නේ ය. කිසිදා දැක නොතිබූ මේ පුද්ගලයා පිළිබඳව කුතුහලයක් රාජපක්ෂ පවුලේ බාලයා වන ‘චිචී ’ හෙවත් රෝහිත් රාපක්ෂට ඇති විය. ඔහු තම අයියා ‘යෝ’ හෙවත් යෝෂිත රාපක්ෂගෙන් මෙසේ ඇසීය.

“කවුද යෝ මේ ඩයල් එක..?“

‘චිචී’ගේ කථාව එම පුද්ගලයාට ඇසුනද ඔහු එය නෑසුනා සේ ඉවතට ඇවිද යමින් දුරකථන ඇමැතුම් ගැනීමේ නිරත විය.

“ඔය අපේ තව එක බාප්පා කෙනෙක්. මෑන් ඊයෙ පෙරේදා තමයි ඇමරිකාවේ ඉඳන් ඡන්ද වැඩ වලට ඇවිත් තියෙන්නේ.“ ‘යෝ’ තම මලනුවන්ට පැවසූවේය.

“ආ මෑන්ද අපිට චොක්ලට් එවන ඇමරිකාවේ බාප්පා ?“

“අපෝ මෙයා එවන චොක්ලට්, ටිකක් අප්සෙට් ඩයල් එකක්ලු…බලාගෙන“

මලනුවන්ගේ කනට කොඳුරා අනතුරු ඇඟවූ යෝෂිත යන්න ගියේය.

‘ගෝටා බාප්පි’ රාජපක්ෂ පුතුන් මුල්වරට දැක්කේ ඒ ආකාරයෙනි. මන්ද යත් ඔහු ඇමරිකාවට ගිය පසු ඒ දක්වා වසර 15 ක් යන තුරු ලංකාවට පය තබා නොතිබූ බැවිනි. රාජපක්ෂ පුතුන්ට පමනක් නොව ශිරන්තිට, බැසිල්ට පමනක් නොව චමල්ටද ‘ගෝටා බාප්පි‘ අප්සෙට් ඩයල් එකකි. ලක් වාසීන් බොහොමයකට ද ගෝඨා පිලිබඳ ඇත්තේ ඒ සිතුවිල්ලම ය.

ඇමෙරිකාවේ පදිංචියට ගිය බැසිල් මහින්දගේ දේශපාලනයට යලි හේත්තු වූයේ 2004 අග භාගයේදී ය. බැසිල් හීන්සීරුවේ මහින්ද යටතේ වූ මහා මාර්ග අමත්‍යංශයට රිංගා ගත්තේ ය. මග නැගුම ව්‍යාපෘතියේ තනි අතේ ඩීල් කරුවා වූයේ බැසිල්ය.

2005 මැතිවරණයේ මහින්ද මුහුන දුන් ලොකුම අභියෝගය මුදල් හිඟ කමය. හෙල්පින් හම්බන්තොට සුනාමි සහන අරමුදලට පවා සුද්දය දුන්නේය. කොටි හිතවාදීන්ගෙන් පවා මැතිවරණයට මුදල් ගත්තේය. බැසිල්ගේ ව්‍යාපෘතිය වූ මග නැගුම හැදූ පාරවල් කෙසේ වෙතත් මහින්දගේ මැතිවරණ ව්‍යාපෘතියට නම් එහි මුදල් අත්වැලක් විය. මහින්දගේ 2005 ජනපති සටනේ පළමු වටයේ පෝස්ටර් ටික පවා අලවා ගත්තේ ජ.වි.පෙ ට පින්සිදු වන්නට ය.

මහින්දගේ 2005 මැතිවරණ සටන වෙනුවෙන් ප්ලේන්ටියක් හෝ වැය කිරීමට ගෝටාබයට නොහැකි විය. සෙරෙප්පු දෙකකින් සහ හම්පඩ ඩෙනිමකින් සැරසී අරලිය ගහ මැදුරු මිදුලේ ඔබමොබ ඇවිදිමින් සිටි ගෝටාබය නිකමෙකු විය. කිසිවෙක් ඔහු සමග කථා කිරීමට හෝ නොගියේය. ඔහු එක දිගට හමුදාවේ පැරණි සගයින්ට කථා කරමින් මුදල් උපකාර ඉල්ලුවේය. යුද්ධයට බියේ පලා ගොස් හමුදාවේ උන් උන්නා ද මලා ද නොබැලූ ඔහුට කිසිවෙකුගෙන් වචනයෙන් හෝ උදව්වක් නොලැබින. සරත් ෆොන්සේකාට ද කතා කළ ගෝටා ඔහුගෙන්ද මුදල් ඉල්ලා තිබුනි. මුදල් නොමැති යයි කී විට හමුදා සාමාජිකයන්ගේ ගෙවල්වල ලිපින ලැයිස්තුවක් ඉල්ලා තිබුනි.

ඉහල හමුදා නිලධාරීගේ බොහොමයක් නිල නිවාස පිහිටා තිබුනේ බෞද්ධාලෝක මාවතේ ය. ගෝටාබය මොවුන්ට දුරකථන ඇමතුම් දුන්නා පමනක් නොව උදව් ඉල්ලීමට ඔවුන් මුන ගැසීමට ද ගියේය. ‘දෙන්නම් කාසි‘ මිස ඉන් එහා යමක් ඉහල නිලධාරීන්ගෙන් ද නොලැබිනි. ගෝටාබය සමග කථා බහට හෝ සෙට් වූයේ ඉහල නිලධාරීන්ගේ පරිවාර කටයුතු සඳහා අනුයුක්ත කර සිටි මැද පෙලේ නිලධාරීන්ය. ඔවුන් ගෝටාබයට එකල ඇමතුවේ මචං කියාය.

“මචං අපි ලඟ ලක්ෂ ගණන් සල්ලි නම් නෑ, හැබැයි ඉතින් අපි ඕනේ ගේමකට එන්නම්. කරුණා ඉන්නෙත් අපි ගාවා….., දෙමු හොඳ වැඩ සටහනක්“

එකෙකු ගෝටා වෙත පැවසුවේය. මේ කථාව ඇසූ ගෝටාබයට පොඩි ගැම්මක් ආවේය. සිය සමකාලීන ජ්‍යෙෂ්ඨයන් තමන් පඩයකට ගණන් නොගන්නා තත්වයක් තුල ගෝටා සිටියේ එල්ලෙන්න වැල් නැතුවය . ‘සීනියෝරිටි ගැප්‘ එක අමතක කළ ගෝටා දෙවන පෙළේ උන් සමග පෑහුනේය.

මේ අතර තීරණාත්මක මැතිවරණයකින් එල්ටීටීඊය උතුරේ ඡන්ද වර්ජනය කළ නිසා මහින්දට ජය අත්විය.

මතු සම්බන්ධයි..
-කීර්ති රත්නායක විසිනි.-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *