වර්ජනයෙන් රජයට කෝටි 10ක පාඩුවක්!

දුම්රිය සේවකයන් දින පහක කාලයක්‌ සිදුකළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10 කට අධික පාඩුවක්‌ සිදුවී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවැසීය.

මීට අමතරව කුපිත වූ දුම්රිය මගීන් කොටුව දුම්රිය ස්‌ථානයට පහරදීමෙන් රුපියල් ලක්‍ෂ ගණනක හානියක්‌ සිදුවී ඇතැයි ද හෙතෙම කීය.

දුම්රිය රියෑදුරන්, ස්‌ථානාධිපතිවරුන්, හා පාලකවරුන් ඇතුළු දුම්රිය ක්‍ෂේත්‍ර කීපයක වෘත්තිය සමිති පූර්ව දැනුම් දීමකින් තොරව ඉකුත් 8 දා සිට මෙම අඛණ්‌ඩ වැඩ වර්ජනය ආරම්භ කර තිබිණි.

මගී සහ භාණ්‌ඩ ප්‍රවාහනව මෙන්ම ගමන් සේවා කීපයකින් ලැබෙන මුදල් පවා මෙම වර්ජනය හේතුවෙන් අහිමි වූ බව හෙතෙම කීය.

සාමාන්‍යයෙන් දිනකට දුම්රිය ගමන් වාර 300 කට ආසන්න ප්‍රමාණයක්‌ සිදුවන බවත්, එමගින් ලක්‍ෂ 5 කට අධික මගීන් පිරිසක්‌ දිනපතා දුම්රියේ ගමන් පහසුව සලසාගන්නා බවත් හෙතෙම කියා සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.