සමාජ ජාල මාධ්‍ය ගැන බුද්ධි අංශ සීරුෙවන්!

මෙරට සමාජ මාධ්‍ය තුළ ඇති විපර්යාසයන් කෙරෙහි යුධ හමුදා බුද්ධි අංශ අවදියෙන් බලා සිටින බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. සමාජ මාධ්‍ය හරහා සිදු වන විවිධ වූ කරුණු සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශ විශේෂයෙන් අවධානය යොමු කැර ගෙන සිටින්නේ එම සමාජ මාධ්‍ය ජාලා මඟින් විවිධ ආකාරයේ දේවල් පළ කරන අතර ඒ පිළිබඳ අවබෝධයක් ඇති කැර ගැනීම සහ මේවායේ හොඳ පැත්ත මෙන්ම නරක පැත්ත සම්බන්ධයෙන්ද කරුණු දැන ගැනීම පිණිස ද වෙයි.

යුද්ධ හමුදාවේ බුද්ධි අංශ සිය සෙසු කටයුතු අතර මේ සම්බන්ධව අවධානය යොමු කර සිටින්නේ අද තත්ත්වය තුළ රටේ විවිධ ආකාරයේ බොහෝ දේවල සමාජ මාධ්‍ය ජාලාවල පළ කෙරෙන බැවිණි. ඒ පිළිබඳ දැනුවත්විම වැදගත් දෙයක් බවට මේ වන විට පත්ව ඇත. මෙවර ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක සහභාගිත්වයෙන් පැවැත්වෙන ආරක්ෂක සමුළුවේදී ද සමාජ මාධ්‍ය හා සත්‍යතාව යන මාතෘකාව ඔස්සේ සාකච්ජා කිරිමටද නියමිතව ඇත. එහිදි ලෝකයේ විද්වතුන් මෙන්ම ආරක්ෂක ප්‍රධානින්ද මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහස් අද සමාජ මාධ්‍ය ජාලාවල හොඳ හෝ නරක පැත්ත අනුව රටවල්වලට මුහුණ පැමට සිදුවි ඇති ගැටලු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහස් සහ යෝජනාද විසඳුම් සම්බන්ධයෙන්ද සාකච්ජා කැර ගැනිමට හැකි වන ඇති බවද විශ්වාස කෙරේ. අද ලෝකයේ කිසිම රටකට එම රටවලට ඇති වන ප්‍රශ්නවලට තනිවම උත්තර සෙවිමට හැකියාවක් නැති බවත් ඒ සඳහා සියලුම රටවල් එකට එකතු විය යුතු බවත් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා පවසයි.

මෙම ගැටලු ලෝකයේ විශේෂයෙන් කලාපිය රටවල් විසින් එකතු වී විසදා ගැනිමේදි එම රටවල්වල අත් දැකිම් අදහස් ආදියද විමසා සකච්ජා කිරිම ඉතා වැදගත් වන බවද හමුදාපතිවරයා කියා සිටියි. මේ අතර ඩයස් පෝරාව යනු අපේ රටට පමණක් ආවේනික වු දෙයක් නොවන බවත් ලෝකයේ විවිධ රටවලට ඒ සම්බන්ධව විවිධ ආකාරයෙන් බළපාන බවද හමුදාපතිවරයා කියා සිටියේය. හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා මෙම අදහස් ඉදිරිපත් කෙළේ ලබන 30 වැනිදා පැවැත්විමට නියමිත 8වැනි ආරක්ෂක සමුළුව සම්බන්ධයෙන් කොළඹ ගලදාරි හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ජාව අවස්ථාවේ මාධ්‍යවේන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.