අයවැයෙන් ආණ්ඩුව වට්ටන්න ඒකාබද්ධයෙන් සැලැස්මක්

මෙවර අය-වැය පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීම සඳහා සියලුම දේශපාලන පක්ෂවලට එකඟවිය හැකි පොදු න්‍යාය පත්‍රයක් සකස් කිරීමේ මූලික කටයුතු ඒකාබද්ධ විපක්ෂය විසින් ආරම්භ කර ඇත.

පළාත් සභා මැතිවරණ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කල්දැමීමට එරෙහිව පෙළ ගැසීම ප්‍රධාන කොටගෙන මෙම පොදු න්‍යායපත්‍රය සකස් කරන බවත් දේශපාලන පක්ෂවල න්‍යාය, ප්‍රතිපත්තිවලට කොටු නොවී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ අරමුණ ප්‍රධාන කොටගෙන මෙම පොදු න්‍යායපත්‍රය සකස් කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ඉරිදා ජාතික පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

එක් දේශපාලන පක්ෂයක් හැරෙන්නට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ පළාත් සභා මැතිවරණය කල්දැමීමට දැඩි අකැමැත්ත ප්‍රකාශ කර තිබෙන බවත් එම සියලු කරුණු අය-වැය පරාජය කිරීමේ පොදු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන බවත් රංජිත් ද සොයිසා මහතා පෙන්වා දෙයි. ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ නායකයන් කිහිපදෙනකු සමඟ මෙහි මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් පිරිසක් සමඟද සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත් රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා සඳහන් කළේය. වත්මන් ආණ්ඩුවට යම් ප්‍රබල බලපෑමක් සිදුකළ යුතු බව ආණ්ඩුවේ දේශපාලන නායකයන් කිහිප දෙනකු වගේම දෙමළ ජාතික සන්ධානයේද පිරිසක් ප්‍රකාශ කර තිබෙන බවත් 2019 වසරේ අය-වැය පරාජය කිරීම ඊට තිබෙන හොඳම අවස්ථාව බවත් සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

-මව්බිම-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *