දහසක් ගණන් මගී ජනතාව අනතුරේ හෙලූ දුම්රිය අවුලට මුල මංගලගේ මොංගල් වැඩ..!

දුම්රිය සේවකයින් පිරිසකගේ වැටුප් වැඩි කිරීම සඳහා පසුගියදා විෂය භාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් දැක්වූ විරෝධතාවය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඉවත් දැමීම හේතුවෙන් ඊයේ (08) හදිසි දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක විය. සේවකයින් 300කට අඩු පිරිසකට ලබාදිය යුතු වැටුප් වර්ධකයක් මුදල් අමාත්‍යවරයාගේ අමන්‍යෝන ක්‍රියාකලාපය තුලින් ලබාදීම නොදීම හේතුවෙන් ඊයේ(08) මෙලෙස දස දහස් ගණනක මගී ජනතාව ඇතුළු විශාල පිරිසක් දැඩි අපහසුතාවකට ලක් වූහ.

වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී පසුගියදා අනුමත කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් අත්හිටුවා ඇති බවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුම් දීමත් සමඟ වෘත්තිය සමිති මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය.

ඊයේ පස්වරු 03.00 ට ආරම්භ කල මෙම වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියමකවරුන්, පාලකවරුන් සහ රියදුරන් එක්ව සිටින බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

මේ අතර කාර්යාල දුම්රිය නොමැති වීම හේතුවෙන් කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මඟින් ගමනා ගමනයේ යෙදෙන මගීන් වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව සිටීයි.

ඇතැම් පිරිස් කඳුළු සලමින් අප වෙත මේ බව කියා සිටි අතර, ඔවුන්ගේ ආවේගශීලි හැසීරීම් හේතුවෙන් කොටුව දුම්රිය පොළේ ඇතැම් පොදු දේපලවලට පවා සුළු සුළු හානි සිදුව තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.