රාජපක්ෂ සමයේ ඝාතන සහ අතුරුදහන් කිරීම් රැසකට සම්බන්ධ ‘නේවි සම්පත්’ කොටුවේදී කොටු කරගත් හැටි (Video)

පසුගිය රාජපක්ෂ රෙජීම පාලන සමයේ සිදුවුණු ඝාතන, පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම් රැසකට සම්බන්ධ හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් “නේවී සම්පත්” නැමැත්තා ඊයේ(13) කොළඹ ලෝටස් පාර ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

2008/2009 කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් “නේවී සම්පත්” නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ(13) අත්අඩංගුවට ගෙන තිබුණි.

“නේවී සම්පත්” නැමැත්තා අත්අඩංගුවට ගැනිම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ද නිකුත් කර තිබුණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල මෙහෙයුමකදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ව්‍යාජ හැඳුනුම්පතක් ද පොලීසිය භාරයට ගෙන ඇති බව සඳහන් වෙයි.

මොහු දොම්පේ ප්‍රදේශයේ ඉඩමක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇති අතර අදාල ව්‍යාජ හැඳුනුම්පතේ පොල්වත්තේ ගාල්ලගේ අශෝක ලෙස සදහන්ව තිබූ බවයි පොලීසිය සඳහන් කළේය.

සැකකරු මීට මාස කිහිපයකට පෙර විදෙස්ගතව සිට මෙරටට පැමිණ ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.