මැති ඇමතිවරුන්ගේ පඩි වැඩි කරගැනීමට යෝජනා වී ඇතිබව තමා මේ ඉරිදා එන පත්තරයෙන් දුටු බවත්, එම පඩි වැඩි කිරීමේ යෝජනාවට තමා කැබිනට් මණ්ඩලයේදී ඉඩ නොදෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(04) පොලොන්නරුවේ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.
වැඩි දුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පැවසුවේ සත පහකින්වත් වැටුප් වැඩි කිරිමට කිසිදු අනුමතියක් ලබා නෙදෙන බවත්, කැබිනට් මණ්ඩලය තුළදී එම යෝජනාව සම්මත කිරීමට ඉඩ නොදෙන බවත්ය.
මෙය මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කරන කාලයක් නොවන බවත් 2015 වසරේ සිට මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ බවත් දීමනා වැඩි කළ බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා වශයෙන් තමාට මාසිකව ලැබෙන වැටුප රුපියල් 95000 ක් බවත් 2016 වසරේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනාධිපතිවරයාගේ වැටුප් වැඩි කරන ලෙසද යෝජනා කළ බවත් තමා එය ප්‍රතික්ෂේප කළ බවද ජනාධිපතිවරයා පැවසීය.
තමන් ගන්නා වැටුප මෙන් පස් ගුණයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැටුප් ලබා ගන්නා බවත් වැටුප් දීමනා ඇතුළුව ලක්ෂ 4 කට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙන් ලබාගන්නා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.