උතුර සංවර්ධනයට ඇති අගමැති රනිල්ගේ සැලැස්ම කියයි

පලාලි ගුවන් තොටුපොළ, කන්කසන්තුර වරාය මෙන්ම උතුරේ කර්මාන්ත ආරම්භ කරමින් පුළුල් සංවර්ධනයක් සිදු කිරීමට මේ වන විටත් පියවරගෙන අතර උතුරේ මාර්ග පද්ධතිය දියුණු කිරීමත්, සංචාරක ව්‍යාපාරය හා කෘෂි කර්මාන්තය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල දියුණුවක් ඇති කිරීමට තමා සැලැසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ රුපියල් මිලියන පන්දහසක් වැය කරමින් ඉදිකරන ලද නේවාසිකාගාර දෙකක් සහ තවත් ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීම නිමිත්තෙන් එම මණ්ඩපයේ අද (04) පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

යුද්ධයෙන් විනාශ වූ උතුර සංවර්ධනය කිරීම අමතක කර නොමැති බවත් උතුරු සංවර්ධන වැඩසටහන යටතේ උතුරේ ජන ජීවිතය නැවත නඟාසිටුවීම සඳහා පියවර රැසක් මේ වන විට ගෙන තිබෙන බවත්, යුද්ධය නිසා උතුරේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වු බවත් එය නැවත ගොඩනැගිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා එහිදි පැවසීය.

2015 වසරේ දී බලයට පැමිණි ආණ්ඩුව පළමු වසර දෙක, තුන ගත කළේ සංහිදියාව ඇති කරමින් ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීම බවත් මේ වන විට ආර්ථික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.