ඔබට හොරෙන් මාස් පතා පොකට් ගහන මංගලගේ ස්මාට් කලාව

මීට පෙර රජයන් ඉන්ධන මිල වැඩි කිරීම සිදුකළේ වසරකට වතාවක් හෝ දෙවතාවක්ය. එවිට එය ජනතාවට දැනෙන ප්‍රබල සිදුවීමක් විය. දේශපාලන වේදිකාවේ ප්‍රබල මාතෘකාවක් විය. වත්මන් යහපාලන රජය පැමිනීමත් සමඟ පොරොන්දු වූ පරිදි ඉන්ධන මිල දැනෙන ලෙස අඩු කළේය. රජයේ සේවකයින්ගේ පඩිද දැනෙන ලෙස එකවර 10,000 කින් වැඩි කළේය. ඒ ඉලක්ක ගත සැලසුම් ක්‍රියාත්මක කරන ලද්දේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසිනි.

මේ තුළින් වාහනයක් නැති බොහෝ අය පුංචි හෝ වාහනයක් ගෙන තම සිහින සැබෑ කර ගත්හ. වාහන තිබූ අය අඩු වූ ඉන්ධන මිලෙන් රට වටේත්, අහල පහලටත් රවුම් ගැසූහ.

කෙසේ වෙතත් දේශපාලන වේදිකාවට වඩාත් සමීප මාතෘකාවක් වූ ඉන්ධන මිල ඉහළ දැමීමේ අලුත් ආකාරයේ සෙල්ලමක් නව මුදල් ඇමතිවරයා ලෙස පත් වූ මංගල සමරවීර මහතා විසින් සිදුකරමින් සිටින බව පෙනෙන්නට තිබේ.

කාලයත් සමඟ මුදල් අමාත්‍යවරයා ලෙස පත් වූ මංගල සමරවීර විසින් එකවර ඉන්ධන මිල දැනෙන ලෙස (ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 117 සිට 137 දක්වා රුපියල් 20කින් වැඩි කරමින්) ඉහල දමන ලදී. ඉන් පසු යළි රුපියල් 08 කින් ඉහළ දමන ලදී. එහෙත් ජනාධිපතිවරයා විසින් තමා එය දැන නොසිටි බව පවසමින් යළි පහළ දමන ලදී. දින දෙකකට පසු යළි ඉහළ දමන ලදී. ඊළඟ මාසයේ, එනම් අද(10) ඉන්ධන මිල යළි ඉහළ දමන ලදී. ඒ ඩීසල් සහ ඔක්ටේන් 95 ඉන්ධන වර්ගවල මිල රුපියලකින් සහ රුපියල් දෙකකින් ඉහළ දමමිනි.

මංගල ඉතා සූක්ෂමව සහ උපක්‍රමශීලිව මේ සිදුකරන්නේ කුමක්ද..? ඉන්ධන මිල ඉහළ යෑම, පහළ යෑම, පහළ යෑමට වඩා වැඩියෙන් ඉහළ යෑම නිරන්තයෙන් සිදුවන ඉතා සරල සුමට දෙයක් බවට පත්කිරීමයි. මාස් පතා ඉන්ධන මිල රුපියලකින්, දෙකකින් හෝ පහකින් ඉහළ ගියාට ඉන්ධන පාරිභෝගිකයින් වන ජනතාවට එය එතරම් දැනෙන්නේ නැත. වත්මන් රජයේ ආර්ථික කෙරුවාවේ තරමට අනුව රුපියල බාල්දු වන අන්දමට එය මාස හයකට, අවුරුද්දකට වරක් රුපියල් 20කින් 30කින් එකවර ඉහළ දමා ආණ්ඩුව ඉල්ලන් කනවාට වඩා මෙලෙස මාස් පතා පොකට් ගැසීම උපක්‍රමශීලිව යහපත් බව මංගල සිතන්නට ඇත.

යළි ඉදිරි මාසයකදී හෝ දෙකකදී වැඩිකළ ඉන්ධන මිල රුපියලකින් දෙකකින් අඩුකොට, යළි ඊලඟ මාසයේදී රුපියල් පහකින්, දහයකින් වැඩි කිරීමේ හැකියාවද නැතුවාම නොවේ. මෙය ඇමති මංගල කියූ පරිදි “මම ජනතාවගෙන් බදුගන්නේ සමනලයා මල නොතලා රොන් ගන්නා පරිදි යැයි” කියූ න්‍යායට අනුව නම් හරිය. එසේම මංගල මේ කරන්නේ ජනතාවට හොරෙන් ජනතාවගේ මුදල් මාස් පතා පික් පොකට් ගැසීමේ සූක්ෂම කලාවකි. කෙසේ හෝ මේ වන විට මෙයට මුදල් ඇමති මංගල විසින් අලුත් නමක් සූත්‍රයක් ලෙස හඳුන්වා දී ඇත. එදා ඇමරිකානු පන්නයට සිතූ මංගල දැන් මෙරට ඉන්ධන මිල සූත්‍ර සකසන්නේ ඇමරිකානු වෙළෙඳපොල අනුව නොව මැදපෙරදිග පවතින ඉන්ධන මිල ගණන් අනුව වීම වෙනසෙත් සැබෑ වෙනසකි.

මුදල් අමාත්‍ය මංගලගේ මෙම අලුත් මිල සූත්‍රයට අනුව ඔක්‌ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 155 සිට රු. 157 දක්‌වා වැඩිකර ඇති අතර කලින් රු.129 ට තිබූ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රු. 130 ක්‌ වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *