අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් මත ස්‌ථාන මාරු කළ බන්ධනාගාර අධිකාරිවරුන් සිව් දෙනාට අමතරව තවත් උසස් බන්ධනාගාර නිලධාරීන් අට දෙනකුටද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලැබී ඇත.
ඒ අනුව ස්‌ථාන මාරුවීම් ලැබී ඇති සම්පූර්ණ නිලධාරීන් සංඛ්‍යාව දොළොස් දෙනෙකි. එම දොළොස් දෙනා අතරට බන්ධනාගාර බුද්ධි අංශය මෙහෙය වූ බන්ධනාගාර අධිකාරි යූ. බී. වලිසුන්දර මහතාද වේ.
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය භාරව සිටි දෙවැනි පෙළ ඡේලර් කේ. පී. ඩබ්ලිව්. දිස්‌නා විඡේකාන්ති මහත්මියවද මෙහිදී බදුල්ල බන්ධනාගාරයට මාරු කර යවා තිබේ.
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයද හෙරොයින් ජාවාරම්කරුවන්ගේ රජදහනක් ලෙස පැවැති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. ස්‌ථාන මාරුවීම් ලැබූ නිලධාරි ලැයිස්‌තුව මෙසේය.
විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරි – ටී. අයි. උඩුවර මහතා, මහර බන්ධනාගාරය සිට – වැලිකඩ බන්ධනාගාරයට.,
බන්ධනාගාර අධිකාරි – කේ. ඒ. එස්. කොඩිතුවක්‌කු මහතා – කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට – මහර බන්ධනාගාරයට.,
බන්ධනාගාර අධිකාරි (වැ.අ) – එම්. එෆ්. ලාෆිර් මහතා – වැලිකඩ බන්ධනාගාරයේ සිට, වවුනියාව බන්ධනාගාරයට.,
සහකාර බන්ධනාගාර අධිකාරී – ඒ. ජී. සුදත් රෝහණ මහතා – බදුල්ල බන්ධනාගාරයේ සිට – අනුරාධපුර බන්ධනාගාරයට.,
සහකාර බන්ධනාගාර අධිකාරි (වැ.අ) – ඩබ්ලිව්. ජී. එෆ්. ප්‍රනාන්දු, වවුනියාව බන්ධනාගාරයේ සිට – බදුල්ල බන්ධනාගාරයට.,
සහකාර බන්ධනාගාර අධිකාරි (වැ.අ.) – ඒ. ඡේ. එම්. කේ. බණ්‌ඩාර මහතා – අනුරාධපුර බන්ධනාගාරයේ සිට – කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට.
බන්ධනාගාර අධිකාරි (වැ.අ.) – යූ. බී. වලිසුන්දර මහතා – බන්ධනාගාර මූලස්‌ථානයේ සිට – වටරැක බන්ධනාගාරයට.
සහකාර බන්ධනාගාර අධිකාරි – එස්. වී. එච්. ප්‍රියංකර මහතා – වටරැක බන්ධනාගාරයේ සිට – වීරවිල බන්ධනාගාරයට.
සහකාර බන්ධනාගාර අධිකාරි – ඩබ්. ඒ. ඩී. සී. කරුණාසේකර මහතා – වීරවිල බන්ධනාගාරයේ සිට – මාතර බන්ධනාගාරයට.
1 පෙළ ඡේලර් පී. වජිර අබේධීර මහතා – මැගසින් බන්ධනාගාරයේ සිට – වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ඡේලර් ලෙස.
1 පෙළ ඡේලර් එම්. එස්. මොහාන් කරුණාරත්න මහතා – වැලිකඩ බන්ධනාගාරයේ සිට – බන්ධනාගාර මූලස්‌ථානයට,
II පෙළ ඡේලර් – කේ. පී. ඩබ්ලිව්. ඩී. විඡේකාන්ති මිය – වැලිකඩ බන්ධනාගාරයේ සිට – බදුල්ල බන්ධනාගාරයට.