මෙරටට ත්‍රිරෝද රථ ආනයනය කිරීම සංඛ්‍යාත්මකව අඩු කිරීම නොව, ත්‍රිරෝද රථ ගෙන්වීම සම්පුර්ණයෙන්ම නතර කරන ලෙස ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
මෙරටට ගෙන්වන ත්‍රිරෝද රථ ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.
ආණ්ඩුව ගෙන ඇති එම තීරණයට තම සංගමය එකඟ බවත්, නමුත් ආණ්ඩුව කෙසේ කීවද එක් ත්‍රිරෝද රථයකින් හාරලක්ෂ විසිදාහක මුදලක් බදු ලෙස අය කරගන්නා ආණ්ඩුව, ත්‍රිරෝද රථ ආනයනය කිසිසේත් නතර නොකරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙරට ලියාපදිංචි ත්‍රිරෝද රථ ලක්ෂ ෙදාළහකට අධික සංඛ්‍යාවක් තිබෙන බවත්, ත්‍රිරෝද රථය මගී ප්‍රවාහනයට ඉතා අනතුරුදායක බවට සෑම ආණ්ඩුවක්ම ප්‍රකාශ කළද 1978 සිට මේ රට පාලනය කළ සියලු ආණ්ඩු මෙතරම් ත්‍රිරෝද රථ ප්‍රමාණයක් මෙරටට එන තුරු උඩ බලාගෙන සිටි බවටත් ඔහු චෝදනා කළේය.
ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන තීන්දු තීරණ මත විවිධ ප්‍රකාශ කරමින් ත්‍රිරෝද රථ වෘත්තිකයාගේ ඡන්ද ඩැහැ ගැනීමට නොයෙක් අය උත්සාහ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.