කොහේ නැග්ගත් මගේ වෙනසක් නැහැ- ඇමතිනි තලතා

ඊයේ (13) උදෑසන සිට කාන්තා රැදවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවක නිරතව සිටිති. කාන්තා රැදවියන් 10 දෙනෙකු මෙලෙස බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරතව සිටින අතර ඔවුන් පවසන්නේ තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙසයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා එල්ල වී සිටින අදාළ විරෝධතාකරුවන් පවසන්නේ තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති තලතා අතුකෝරාළ මහත්මිය පවසන්නේ, වහලය උඩ නොවෙයි කොහේ නැග්ගත් යන පිළිවෙළට යනවා මිසක්‌ රජයේ තීරණය වෙනස්‌ කරන්නේ නැති බවයි.

වැඩි දුරටත් ඇය මෙසේද පවසන්නීය.

ඕනෑ කෙනකුට උද්ඝෝෂණ කිරීමේ අයිතිය අද රටේ ඇතිකරල තියෙනවා. ඉස්‌සර වගේ උද්ඝෝෂණ කරපුවාම වෙඩි තියන්නේ නැහැ. බන්ධනාගාරය තුළ තවමත් නීති විරෝධී වැඩකටයුතු කෙරෙනවා කියලා අද රටම පිළිගෙන තිබෙනවා. ඒක මම කොහොම හරි පාලනය කරනවා.

මම බන්ධනාගාර උසස්‌ නිලධාරීන්ට මාධ්‍යට කරුණු දක්‌වනවානම් මගෙන් අහන්න කියලා තියෙනවා. බන්ධනාගාරය යනු මාධ්‍යට කතා කර කර හදන්න පුළුවන් තැනක්‌ නොවෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.