මේ වගේ කොන්ද පණනැති ආණ්ඩුවක හිටියා කියන්නත් ලැජ්ජයි

පක්ෂය ගැන හිතලා රට ගැන හිතලා යම් වැඩක් කරන්න ඕන නිසා තමයි අපි එදා ආණ්ඩුවට එකතු වුණේ. ඒත් ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න බැරි නොහැකියාව ප්‍රදර්ශනය කරපු ආණ්ඩුවක් මේක. පළාත් පාලන මැතිවරණයේදී ඒක මනාව ඔප්පු වුණා. මේ වගේ කොන්ද පණනැති ආණ්ඩුවක හිටියා කියන්නත් ලැජ්ජ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක පවසයි.

ඇහැටුවැව “නිදහස” හි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රිවරයා එසේ පැවැසුවේය.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේ කීය.

“මම ආණ්ඩුවෙන් එළියට ආවෙ මහින්ද මහත්තයා මුණගැහිලා ආශීර්වාද ලබාගෙනයි. දැන් 16 කණ්ඩායම කියලා එකක් නෑ. ඉන්නෙ 70 කණ්ඩායමයි. මහින්ද මහත්තයා ළගට ගියානම් අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල මණ්ඩල පිහිටුවීම, මධ්‍යම කාරක සභාවට සහභාගි වීම ආදිය කළ යුතුදේ නොවෙයි. මම නම් එහෙම කරන්නෙ නෑ. මම බොහොම කෙළින් මහින්ද මහත්තයා එක්ක හිටගෙන ඉන්න කෙනෙක්.

සමහර අයට ඒකාබද්ධ විපක්ෂයේ පිළිගැනීම අඩුකම ඇති. නමුත් මට මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ පිළිගැනීම බොහොම ඉහළින් ලැබුණා. වැනෙන අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු ගන්න, ඒ තනතුරුවල ඉන්න ඕන නම් 16 කණ්ඩායම ගාවගන්න ඕන නෑ.

පක්ෂය ගැන හිතලා රට ගැන හිතලා යම් වැඩක් කරන්න ඕන නිසා තමයි අපි එදා ආණ්ඩුවට එකතු වුණේ. ඒත් ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න බැරි නොහැකියාව ප්‍රදර්ශනය කරපු ආණ්ඩුවක් මේක. පළාත් පාලන මැතිවරණයේදී ඒක මනාව ඔප්පු වුණා.

මේ වගේ කොන්ද පණනැති ආණ්ඩුවක හිටියා කියන්නත් ලැජ්ජයි. ආණ්ඩුව වෙනස්කරලා මහින්ද රාජපක්ෂ මහත්තයගෙ නායකත්වයෙන් මේ සියල්ලටම අපි විසඳුම් දීලා පෙන්නනවා. ආයෙනම් ඉතින් අම්ම මුත්තා කීවත් මහින්ද රාජපක්ෂ මහත්තයා දමලා යන්නේ නෑ. 16 කණ්ඩායමෙන් මුලින්ම ඒකාබද්ධ විපක්ෂයට එකතුවුණේ මම. මම ගියේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශීර්වාද මත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.