දුම්රිය වර්ජනය දිගටම.. බස් වර්ජනය හෙට සිට..

දුම්රිය රියැදුරු, නියාමක ඇතුළු ශ්‍රේණි කිහිපයක සේවකයන් පසුගිය 08 වැනිදා සිට ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය අද (11) දිනයේත් අඛණ්‌ඩව ක්‍රියාත්මක වන බව දුම්රිය රියෑදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.

ඊයේ (10) දිනයේත් වර්ජනය නැවැත්වීමට රජයෙන් කිසිදු සාකච්ඡාවක්‌ හෝ නොලැබුණු බවද ඔහු වැඩිදුරටත් පවසයි.

මේ අතර තම වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් බලධාරීන් හා පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ නිසා මේ මස 12 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් ධාවකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඉන්ධන මිල ඉහළ යෑම, සේවා ගාස්තු ඉහළ යෑම ඇතුළු බස් කර්මාන්තය මුහුණ දී ඇති ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් නොලැබුණු බැවින් මෙම වර්ජනය ආරම්භ කරන බව එම සංගමයේ සම සභාපතිවරයකු වන ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *