දුම්රිය රියැදුරු, නියාමක, ස්ථානාධිපති මාසික වැටුප් ලක්ෂ 2ක ඉක්මවයි

වැඩ වර්ජනයේ යෙදී සිටින රියැදුරන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන්ගේ අතිකාල දීමනා සමඟ මාසික ආදායම රුපියල් ලක්ෂ දෙක ඉක්මවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

දුම්රියේ සෙසු සේවකයන් භාවිත කරන පැමිණීමේ සහ පිටව යාමේ ඇඟිලි සටහන් යන්ත්‍රය මොවුන් භාවිත නොකරන බවත්, ඔවුන්ට අවශ්‍ය පරිදි පොතක පමණක් අස්සන් කර අතිකාල ලබා ගන්නා බවත්, එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හෙළිදරව් කළේය. ඒ අනුව ඔවුන් වැඩ වර්ජනයක යෙදෙමින් ඉල්ලා සිටින අතුරු වෛද්‍ය සේවා දිමනාවත් වැටුපට එකතු කළහොත් ඔවුන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂ හතර ඉක්මවා යන බවද හෙතෙම පෙන්වා දුන්නේය. මේ බව ඔවුන් දැන් ලබන මාසික ආදායමේ වැටුප් පත්‍රිකාවෙන් ඔප්පු කර දිය හැකි බවද කීය.

රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තු චක්‍ර ලේක 9/2009 අනුව රාජ්‍ය සේවයේ සැම සේවකයකුම සේවයට පැමිණී ‍මේ සහ පිටවිමේ ඇඟිලි සටහන් තැබීම අනිවාර්ය කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ සියයට අසුවක් පමණ සේවකයන් එම ඇඟිලි සටහන් යන්ත්‍රය භාවිතා කරද්දී රියැදුරන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් කිසිම දිනක මෙම ඇඟිලි සටහන් භාවිතා නොකරන අතර පිට පළාත්වල දුම්රිය ස්ථානවල මෙම ඇඟිලි සටහන් යන්ත්‍රය සවිකිරීමට නොදී ඔවුන් ඊට බරපතළ ලෙස විරෝධය පා ඒවා සවිකිරීම සම්පුර්ණයෙන්ම වළක්වා ඇත.

එම පිරිස මෙම ඇඟිලි සටහන් යන්ත්‍රය වෙනුවට පොතක් භාවිතා කරන අතර, එම පොතේ ඔවුන්ට අවශ්‍ය පරිදි පැමිණීම සහ පිටවීම සටහන් කර මාසයකට පැය දෙසිය පනහකටත් වඩා වැඩි පැය ගණනක් සටහන් කර රුපියල් ලක්ෂ දෙකක පමණ අතිකාල ආදායමක් ලබා ගන්නා බවද දුම්රිය දෙපාර්ත මේන්තු වැටුප් ලේඛනවලින් තහවුරු වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේ මෙම වැඩ වර්ජනයේ යෙදී සිටින ඉහත සඳහන් තනතුරු තුනේ සිටින පිරිස අලුතින් ඉල්ලා සිටින ආකාරයට වැටුප් වැඩිවීම කළහොත් ‍දැනට ඇති අතිකාල දීමනාව සහ වැටුප සමඟ මාසික ආදායම රුපියල් ලක්ෂ හතරට වඩා වැඩි වන බවයි.

එම නිසා ඔවුන් වැඩ වර්ජනය හරහා ඉල්ලන දීමනාව දෙන්නේ නම් ඔවුනගේ සේවාවට පැමිණීමේ සහ පිටවීමේ ඇඟිලි සටහන් තැබීම අනිවාර්ය කළ යුතු බවද පෙන්වා දෙයි. ‍

රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුව මගින් රටේ සැම රාජ්‍ය සේවකයකුටම ඇඟිලි සටහන් තැබීම අනිවාර්ය කර තිබිය දී ‍දුම්රිය දෙපාර්තමේන්තුවේ සියයට අසුවක් පමණ වු සේවකයන් ද එම ඇඟිලි සටහන් තැබීම සිදු කරද්දී රියැදුරන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් පමණක් මේ ආකාරයෙන් පොතක පමණක් අත්සන් තබා ඔවුන්ට අවශ්‍ය පරිදි ව්‍යාජ සටහන් තබමින් මසකට විශාල ආදායමක් ලබමින් තවදුරටත් වැඩ වර්ජනයේ යෙදීම ඉතා අසාධාරණ බව කියයි.

මේවන විටත් ඔවුන් රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තු 9/ 2009 චක්‍ර ලේඛයට පටහැනිව ක්‍රියා කර තිබීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවද පෙන්වා දෙයි.

මෙම තනතුරු දරණ පුද්ගලයන්ගේ මාසික ආදායම රුපියල් ලක්ෂ්ය ඉක්මයා යාම සාමාන්‍ය දෙයක් වෙයි. දුම්රියදෙපාර්තමේන්තුවේ වැඩිම පහසුකම් සහ වරප්‍රසාද ලබා ගන්නා මෙම නිලධාරීන් සිදු කරන වැරැදි සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට නියමිත පරීක්ෂණ ගණනාවක් ද මේ වන විට යට ගසා තිබේ. ඒ අතර මෙම වැඩ වර්ජනය මෙහෙයවන ලාල් ආරියරත්න මහතාට රජයේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා නියෝග කළ මවුන්ට් මේරි දුම්රිය ක්‍රිඩාංගණයේ රුපියල් ලක්ෂ ගණනක ආදායම් ලබා දෙන වානිජ දැන්වීම් පුවරුවල ආදායම ඔවුන් අතර සිටින පුද්ගලයකු අතට යන බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය ඔහු පරීක්ෂණ නොපවත්වා මඟ හැර සිටින බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීවේය.

-දිනමිණ-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *