හදිසි ඩෙංගු මර්ධන වැඩසටහනක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානමක් පැවතීම හේතුවෙන් දෙදින මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබේ.

ඒ අනුව හෙට(16) සහ අනිද්දා(17) යන දෙදින තුළ කොළඹ, ගම්පහ, කළුතර, යාපනය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක 05 ආවරණය වන පරිදි මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව එම ඒකකය සදහන් කළේය.

කණ්ඩායම් 764 ක සහභාගීත්වයෙන් අදාළ දිස්ත්‍රික්කවල වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 45 ක මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කෙසේවෙතත් පසුගිය වසරේ පළමු මාස 07 හා සලකා බැලීමේදී මෙම වර්ෂයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට 70 කින් පමණ අඩු වී ඇති බව වාර්තා වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.