සිමානීර්ණ වාර්තාවට එක්සත් ජාතික පෙරමුණත් එරෙහි වෙයි! මැතිවරණ යළි පරණ ලෙසටම..

පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පැවැත්විම වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන සීමානිර්ණ කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (23) ඒකමතිකව තීරණය ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකිර්ණයේ දී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ. එක්සත් ජාතික පෙරමුණද සම්බන්ධ සුළු පක්ෂ මීට දැඩි විරෝධය දැක්වීම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ මීට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමේ මූලික හේතුව වී ඇත.

මේ පිළිබඳ විවාදය හෙට (24) දින පැවැත්වෙන අතර ඡන්ද විමසිම සවස 6.00 ට පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තුවේ බලය හිමි එක්සත් ජාතික පෙරමුණ ගනු ලැබු තීරණ අනුව සිමානීර්ණ වාර්තාව ප්‍රතික්ෂේප වනු ඇතැයි අපේක්ෂිතය.

මෙම පසුබිම යටතේ නව පළාත් සභා ඡන්ද විමසිම් පනත යටතේ නව පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක්‍රමය යටතේ පැවැත්විමට නොහැකි වනු ඇත.

මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ විපක්ෂය පසුගිය පළාත් සභා මැතිවරණ ජයග්‍රහණයෙන් ලත් වාසිසහගත ජයග්‍රහණය නිසාවෙන් මෙම සීමානිර්ණ කොමිෂන් සභා වාර්තාවට කැමැත්ත පළ කර තිබුණද, සුළු ජාතික පක්ෂ තමන්ට ඇති කේවල් කිරීමේ බලය අහිමිවී යෑම හේතුවෙන් මීට විරුද්ධ වන ලෙසට මහින්ද රාජපක්ෂ මහතා හමුවී කරන ලද ඉල්ලීමට අනුව ඒකාබද්ධ විපක්ෂයද මීට එරෙහි වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් මේ සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගෙන නැති බවටද වාර්තාවේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *