චන්ද්‍රිකාට ගමේ ඉන්නත් නැති වෙයි

හිටපු ජනාධිපතිනියක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිධුරයෙන් විශ්‍රාම ගොස් යළි ගමේ ගොඩේ සක්‍රීය දේශපාලනයට පැමිණමත් සමඟ ඇයගේ පෞද්ගලික චරිතය මෙන්ම “ජනාධිපති” ධුරයද හෑල්ලුවට ලක්වෙමින් තිබේ.

අත්තනගල්ල කිත්තම්මහර බෝනෑගල හරහා අත්තනගලු ඔය මත ඉදිකෙරුණු පාලම ඊයේ (22) හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙ‍රුණු අවස්ථාවේ එහි සිටි පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

ඒ පසුගිය රජයේ යෝජනාවකට අනුව ඉදිකෙරුණු පාලම වත්මන් රජයේ නියෝජිතයින් විවෘත කිරීමට කටයුතු කරන බව පවසමින්.

අත්තනගල්ල කිත්තම්මහර බෝනෑගල හරහා අත්තනගලු ඔය මත ඉදිකෙරුණු මෙම පාලම මීට දින කිහිපයකට පෙර පසුගිය රජයේ යෝජනාවක් අනුව ඉදිකළ බව පවසමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර ඇතුලු පිරිසක් විවෘත කර තිබේ.

කෙසේවෙතත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ උදෑසන නිල වශයෙන් මෙම පාලම විවෘත කරනු ලැබුවේය.

මෙම අවස්ථාවට අමාත්‍ය ලසන්ත අලගියවන්න හා අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙම උත්සවයට කළ ආරාධනයකට අනුව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහත්වරුද පැමිණ සිටි අතර ඔවුන් ඇතුලු ඔවුන්ගේ ආධාරකරුවන් පාලම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විවෘත කිරීමට එරෙහිව විරෝධය පළ කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.