මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.
කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට අදාළව දෙවැනි වරට ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා අද පෙරවරු 10.00 ට මෙසේ කැඳවා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.
කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිවූ තොරතුරු සහ විමර්ශනවලදී අනාවරණය කරගත් කරුණු සම්බන්ධයෙන් නැවත ප්‍රශ්න කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවා ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කීය.
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීම සම්බන්ධයෙන් හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන්ද ඉදිරි දින කීපය ඇතුළත නැවත ප්‍රශ්න කිරීමට නියමිතය.