අල්ලස් ගත් ඉහළම රාජ්‍ය නිලධාරීන් දෙදෙනකුට ඇප!

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රොපකරණ උපකරණ විකිණීමේ ක්‍රියාවලිය ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 540 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය මිලියන 100 දක්වා අඩුකොට ඉන් මිලියන විස්සක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව අත් අඩංගුවේ සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ.මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයවලුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති සහතිකය නීත්‍යානුකූල තත්ත්වයක් නොමැති බව දැඩි දෝෂදර්ශනයට ලක් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉන් අනතුරුව එම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක නියම කළේ එක් එක් සැකකරුවකු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරෙන බවයි.

ඇපකරුවන් අතරින් එක් අයෙකු සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවද මහෙස්ත්‍රාත් වරයා සිය නියෝගයේ සඳහන් කළේය.

අනතුරුව නඩුව දෙසැම්බර් මස 11 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.

-අද දෙරණ ඇසුරින්-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *