කට්ටි පැන්න ගෝඨාගේ නඩුව අද විශේෂ මහාධිකරණය හමුවට

විවිධාකාර උපක්‍රම භාවිතා කරමින් තමාට එරෙහි නඩු උපක්‍රමශිලීව මඟ හරිමින් සිටි ගෝඨාභය රාජපක්ෂ එරෙහි නඩුවලින් එක් නඩුවක් ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (10) විශේෂ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත.

වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ පිහිටි ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 90 කට ආසන්න ප්‍රමාණයක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (10) කැඳවීමට නියමිතය.

ඒ අනුව මෙම නඩුවේ විත්තිකරුවන් යැයි නම් කර සිටින හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මෙම විශේෂ මහාධිකරණය මඟින් ඉකුත්දා සිතාසිද නිකුත් කර තිබිණි.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව කැඳවීමට නියමිතය.

ඉකුත් රජය සමයේ මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 49කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

එම නඩුවේ විත්තිකරුවන් වන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප‍්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරි භද්‍ර උදුලාවතී කලමදාස මෙන්ම ප‍්‍රසම්මික කේමින්ද ආටිගල, නීතිඥ සමන් ගලප්පත්ති, මහින්ද සාලිය හා එම්. ඒ. මල්ලිකා යන හිටපු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ද අද එම අධි කරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. එහිදී විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීමටද නියමිතය

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.