EPF-ETF මුදල් ආයෝජනය කිරීමට අමාත්‍යංශය සැරසෙයි

සේවක අර්ථ සාධක අරමුදල සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදල වැඩි කර ගැනිමට එම මුදල් ප්‍රතිලාභින් වෙනුවෙන් අයෝජනය කිරිම කෙරෙහි තම ආමාත්‍යංශයේ අවදානය යොමු වි ඇති බව කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍යය රවින්ද්‍ර සමරවික්‍රම මහතා හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්යයාලයේ සිව්මහල් ගොඩනැගිලි සංකිර්ණයක් ඉදි කිරිම සදහා අද (30) මුල් ගල තිබිමේ අවස්තාවට එක්වෙමින් පැවසිය.

එම අමාත්‍යංශයේ රුපියල් මිලියන 177 ප්‍රතිපාදන යටතේ සිව්මහල් ගොඩනැගිල්ලක් වශයෙන් නව ගොඩනැගිලි සංකිර්ණය ඉදි කිරිමට නියමිතය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාතයය රවින්දු සමරවික්‍රම මහතා කියා සිටියේ දැනට සේවක අර්ථසාධක මුදල රු ට්‍රිලියන 2 ක් සහ සේවා නියුක්තිකයන්ගේභාර කාර අරමුදලේ රු මිලියන 285ක මුදලක් ඇති බවත්, එම මුදල තවත් වසර 25 වන විට වැඩි කරගත යුතු බවයි.

සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් ආයෝජනය නොකරන්නේ ශ්‍රි ලංකාවේ පමණක් බවත්, එම මුදල් වැරදි ලෙස ආයෝජනය කිරිම නිසා එම මුදල්ආයේජනය කිරිම සම්බන්ධයෙන් මේ රටේ වෘත්තිය සමිති විරුද්ධ වන බවයි.

එම මුදල් මුදල් ආයෝජනය කිරිම සම්බන්ධයෙන් දැනටමත් යොජනා කිහිපයක් ඉදිරිපත් වි ඇති බැවින්, එ සම්බන්ධයෙන් වෘත්තිය සමිති සමග දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඔවුන්ගේ එකග තාවය මත එම මුදල්ප්‍රතිලාභින් වෙනුවෙන්ම ආයෝජනය කිරිමට ඉදිරියේදි කටයුතු කරන බව අමාත්‍යය රවින්ද්‍ර සමරවික්‍රම මහතා කියා සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.