කොළඹ හර්තාලයක්!

රජය ඉන්ධන මිල, දඩ හා බදු වැඩිකිරීමටත් එරෙහිව සිවිල් සංවිධාන සමග එකතුවී ඉදිරි දින කීපය තුළ කොළඹ හර්තාලයක් වැනි දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත‍්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඊයේ (16) පැවසීය.

වෘත්තීය ප්‍රවාහන හා කර්මාන්ත සුරැකීමේ ජාතික ව්‍යාපාරය සමඟ එක්‌ව මෙම දැවැන්ත හර්තාලය පවත්වන බවද හෙතෙම කියා සිටියේය.

තවදුරටත් කතා කළ සභාපතිවරයා මෙසේද පැවසීය.

අපි ඉදිරියේදී ජාතික මට්‌ටමේ අරගලවලට පෙනී සිටිනවා. වගේම රටට බලපෑම් කරන ඕනෑම සිද්ධි හමුවේ පෙනී ඉන්නවා. විශේෂයෙන්ම ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය වෙනුවෙන් මේ සංවිධානය පෙනී සිටිනවා. රජය මාසෙන් මාසෙට තෙල් මිල ඉහළ දානවා. දඩමුදල් ඉහළ දාලා. බදු ගහනවා. මේ හැම එකෙන්ම බැට කන්නේ රටේ සිවිල් ජනතාව. මේ ආණ්‌ඩුවේ නිසි කළමනාකාරීත්වයක්‌ නැතිකමින් මුළු රටම අගාධයේ වගේම ආර්ථිකය ද කඩා වැටීමකට ලක්‌වෙලා.

මෙම සිවිල් සංවිධානයේ නීතිඥවරු, කලාකරුවෝ, වෛද්‍යවරු, බස්‌ සංගම්, ත්‍රීරෝද රථ සංගම්, යතුරුපැදිකරුවන්ගේ සංගමය, කර්මාන්තකරුවන්ගේ සංගමය, පාසල් වෑන් රථ සංගම්, බේකරි සංගමය, ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය, මගී ජනතාව වෙනුවෙන් පෙනී සිටින සංගම්, වෙළෙඳ ව්‍යාපාරික සංගම්, කරත්තකරුවන්ගේ සංගම්, නාට්‌ටාමිලාගේ සංගමය ඇතුළු සංගම් රැසක්‌ සිටිනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *