ජනබලය ඇරඹෙයි! වටෙන්ම කොළඹ හිරවෙයි! (වීඩියෝ)

ඒකාබද්ධ පොදුජන පෙරමුණ සංවිධානය කරනු ලබන “ජනබලය කොළඹට” විරෝධතා රැළියේ පාගමන මේ වනවිට ආරම්භ වී තිබේ.

අද උදෑසන සිට රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එම පෙරමුණේ ආධාරකරුවන් මේ වන විට කොළඹ දෙසට පා ගමනින් පැමිණෙමින් සිටින අතර පිටකොටුව දෙසින් පාගමන ආරම්භ වීමත් සමඟ මේවන විට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව දෙසට දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබෙන බවයි.

ප්‍රධාන විරෝධතාව අද(05) පස්වරුවේ කොළඹ ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට නියමිතයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම විරෝධතාවය සඳහා පිටකොටුව බෝගහ ආසන්නයේ දී එක්ව තිබේ.

ආමර්වීදිය,ටෙක්නිකල් හංදිය හරහා ඕල්කොට් මාවත ඔස්සේ දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව ලේක්හවුස් වටරවුම දක්වා පාගමනින් පැමිණීමට නියමිතයි.

තවත් පිරිසක් මරදාන හරහා ඩී.ආර් විජේවර්ධන මාවත ඔස්සේ ලේකහවුස් වටරවුම දක්වා පැමිණිට නියමිත බව ද වාර්තා වෙයි.

තවත් දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව කොම්පඤ්ඤ වීදිය ඔස්සේ ලේකහවුස් වටරවුම දක්වා පැමිණ ප්‍රධාන රැස්වීමට එක්වීමට නියමිත බව සඳහන් වෙයි.

කොළඹ මාර්ගයන් වෙන්වෙන් වශයෙන් බෙදා දී ඇති අතර කොළඹ නගරයේ සියලු තදාසන්න මාර්ග විරෝධතාවය හේතුවෙන් අවහිර වනු ඇති බවට ද වාර්තා පළ වෙයි.

විරෝධතාකරුවන් පළාත් ලෙස බෙදී පෙලපාලි 06කින් විරෝධතාවයට එක්වෙන බවට වාර්තාවේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.