මහින්ද අගමැතිකමට සූදානම්!

පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමි කරගැනීම වඩාත්ම යහපත් විකල්පයක් බව හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.

පසු ගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වු අවස්ථාවේ දි දකුණු ඉන්දීය තන්දි ටී වී සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවෙදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත.

නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය, ජනාධිපති ධුරයට වඩා බලගතු බවද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

මෙම සම්මුඛ සාකච්ඡාව තන්දි ටී වී මගින් පෙරේදා(15) රාත්‍රියේ විකාශය කර ඇත.

අවශ්‍යනම් යළි ජනාධිපති ධුරයට තරඟ කිරීමට හැකියාවක් ඇතැයි තමා විශ්වාස කරන නමුත් එලෙස ඉදිරිපත් නොවී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු යොදන බවද එම සාකච්ඡාවේදී ඒ මහතා පවසා ඇත.

එහිදි ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර මසුන් පසුපස යන ධීවරයන්ට මුහුදු සීමා නොමැති වුවත් ට්‍රෝලර් යාත්‍රා මගින් ශ්‍රී ලංකා මුහුදු තීරය හානියට පත් කිරීම සිදු නොකළ යුත්තක් බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මෙම ධීවර ගැටලුව සාකච්ඡා සංවාද තුළින් දෙපර්ශවයේ එකඟත්වයෙන් විසඳුමක් සොයාගත හැකි බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

එහිද ශ්‍රි ලංකාවේ පැවති යුද්ධය සම්බන්ධයෙන්ද තන්දි ටී වී මාධ්‍යවේදියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරිම් සිදු කළේය.

රාජිව් ගාන්දි ඝාතනයට සම්බන්දව සිරදඬුවම් විදිමින් සිටින ශ්‍රි ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන්ද තන්දි ටී වී මාධ්‍යවේදියා විසින් සිදු කළ ප්‍රශ්ණ කිරිම් සඳහා මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු සපයා ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.