ජනපති ජාමේ බේරගෙන ගොඩ යන්න අලුත් නූල් සුත්‍රයක් අඹරයි

දේශපාලන ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළඟ ජනාධිපතිවරණයක් ගැන නොව රටට හොඳ අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනිම පිළිබඳ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව එළඹෙන ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමාවන අතර රටේ ප්‍රධාන තනතුර වන්නේ අග්‍රාමාත්‍ය ධුරය බව ජනාධිපතිවරයා ඊයේ(08) නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමින් සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට පවතින ජනමතය අනුව ජනාධිපතිවරයාගේ කඩා වැටීම ඔහු අවබෝධ කරගෙන සිටින හෙයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙලෙස ප්‍රකාශ කිරීම තුළින් ගම්‍ය වන සහ සැලසුම් කරන ප්‍රධාන අරමුණ පැහැදිලිය. එනම් මෛත්‍රීපාල සිරිසේන මේ අර අදින්නේ 2020 ජනාධිපතිවරණය කල්දමා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීම සඳහාය. ඊට ව්‍යවස්ථා සංශෝධනය සහ ඒහා සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය ඉවහල් කරගැනීමට මේ වන විටත් සැලසුම් සකස් කරන බවට තොරතුරු වාර්තාවේ.

තමා විධායක ජනාධිපතිධුරය ඉවත් කරන බවට ලබාදුන් පොරොන්දුව ඉටුකළ බවත් ඊට කෘත ගුණ දක්වමින් තමාට නාමික ජනාධිපතිධුරයේ හෝ අගමැතිධුරයේ රැඳී සිටිමේ අවස්ථාව ලබාදෙන ලෙසටත් වූ උපක්‍රමශීලී අනුකම්පාව සිවිල් සංවිධාන ඇතුළු අනෙකුත් බලවේග ඔස්සේ ලබාගැනීමටය. එසේම ජනාධිපතිවරණය වෙනුවට ජනමත විචාරණයක් හෝ ව්‍යවස්ථා සහ අධිකරණ ක්‍රියාවලියක් හරහා 2022 දක්වා මැතිවරණ කල්මැරීමක් සඳහා සැලසුම් කරමින් සිටින බවටද වාර්තාවේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *