ජනපති-මංගල එකඟතාවයෙන් ගෑස් මිල 195කින් ඉහළ දමයි; සීනි 20කින් නඟී

කි.ග්‍රෑ. 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ඊයේ (18) අනුමැතිය ලැබී ඇත.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යෑම හා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වීම සැලකිල්ලට ගනිමින් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 325කින් ඉහළ නංවන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාව නිසාත් මෙසේ ගෑස් මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

මේ අතර ආනයනික සීනි කිලෝ එකක බද්ද රුපියල් 11කින් වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය ඊයේ (18) තීරණය කොට ඇත.

මුදල් අමාත්‍යාංශයේ එම තීරණයට ප්‍රතිචාර දක්වමින් සීනි ආනයනකරුවන් සඳහන් කරන්නේ මේ නිසා සීනි කිලෝවක මිල රුපියල් 20කින් වැඩි කිරීමට සිදුවන බවයි.

ගෑස් මිල රු.195කින් වැඩිකිරීමට අනුමැතිය ලබාදෙන අතරේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී යෝජනා කර ඇත්තේ පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 05කින් අඩු කළ යුතු බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.