මංගලගේ නොහැකියාව ජනතාවගේ කර මතින් යවයි! භාණ්ඩ සඳහාත් තහංචි දමයි!

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව වසා ගැනීම සඳහා මේ වන විට ජනතාව එදිනෙදා ජීවිතයේ භාවිතයට ගන්නා භාණ්ඩ රැසක් ආනයනය කිරීම සඳහා සීමා පණවා තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දුර්වල මූල්‍ය කළමනාකරණය සහ නොහැකියාව හේතුවෙන් දිනපතා සිදුවන රුපියල අවප්‍රමාණය වීම සහ වෙළෙඳපොල, ආර්ථික කඩා වැටීම හේතුවෙන් ඊට බාහිර පැලැස්තර යෙදීමට ක්‍රියාමාර්ග කිහිපයක් ‍ගෙන තිබේ.

ඒ අනුව ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම දුරකතන සහ අනෙකුත් දුරකතන, රෙදිසෝදන යන්ත්‍ර, පාවහන් සහ ටයර් ආනයනය කිරීමේදී ඒවායේ වටිනාකමින් 100%ක තැන්පතුවක් ද තැබිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩලවලට වාහන ගෙන්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බවත් රජයේ සේවකයින්ට නිකුත් කළ බලපත්‍ර මත වාහන ආනයනය කිරීම ද ඒ අනුව මාස 6ක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.

එම කාල සීමාව තුළ ණයවර ලිපි විවෘත කිරීමට අවසර නොදෙන බවත් හයිබ්‍ර්ඩ් වාහන සඳහා කල් බදු පහසුකම් ලබා ගත හැක්කේ වාහනයේ වටිනාකමින් 50%කට පමණක් බවද සඳහන්.

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පියවරයන් තාවකාලිකව ගත්තච රජය අඛණ්ඩව විනිමය අනුපත වෙනස් වීම නිරීක්ෂණය කරන බවත් ඒ මත පිහිටා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

මීට අමතරව වසරක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබා දීම අත්හිටුවා ඇති අතර රුපියල අවප්‍රමාණය වීම සීමා කිරීම සඳහා මුදල් අමාත්‍යංශය අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාමාර්ග ඇති බව සඳහන්.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *