මංගල.. සීනි දියවුනාට ඩීල් දිය වෙන්නේ නෑ.. සීනී කිලෝවෙන් මංගලට රුපියල් 7ක්..!

සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 15 කින් ඉහළ දැමීම පසුපස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල පිංසිරි සමරවීර සහ කූප්‍රකට ව්‍යාපාරිකයෙකු වන Mohamed Sajad Mawzoon(මොහොමඩ් සජාධ් මවුසුන්) අතර දැවැන්ත ගණුදෙනුවක් සිදුව ඇති බව ලංකා ලීක්ස් විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

Wilmar International Limited යනුවෙන් සමාගමක් අටවගෙන සිටින Sajad Mawzoon පසුගිය රාජපක්ෂ වනචර දශකයේ රටේ ව්‍යාපාර පැලකර ගැනිමට සමත් වු අතර එහි ප්‍රතිපලයක් ලෙස Shangri-La ව්‍යාපෘතිය මහින්දලාගේ කරේ ගැසිමට සමත් වු Sajad ඒ හරහා උපයාගත් මුදල බිලියන ගණනක් වන අතර මේ වනවිට Shangri-La හෝටලයට සම්බන්ධ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද එක්ව කටයුතු කරයි.

Sajad Mawzoonගේ Wilmar International Limited ආයතනය සතුව ප්‍රධාන ව්‍යාපාර කිහිපය අතර ෆාම් Oil,බටර් වැනි ව්‍යාපාර සිදුකරන අතර ඒ අතර ප්‍රධානම ව්‍යාපාරය වන සීනී ගෙන්විම හරහා පසුගිය සති දෙකක පමණ කාලයක් තුල මංගල සහ ඔහුගේ ගොලයන් අල්ලා ගත් Sajad Mawzoon අමතුම ගේමක් ගසා ඇති අතර ඒ හරහා මංගලට කෝටි ගණනක මුදල් අතට ලැබි තිබේන බව මේ වන්විට තහවුරු වි තිබේ.

රාජපක්ෂලාගේ සුරතලෙකු වි සිටින Sajad Mawzoonට පසුගිය වසර 3ක කාලය යනතමින් අල්ලගෙන සිටිය නමුත් මේ වසර මුල සිට තමන්ගේ කුප්‍රකට ව්‍යාපාර ජාලය මෙහෙයව ගැනිමට නොහැකිව ලතවු අතර ඒ අතර මංගල සමරවීරය මුදල් අමාත්‍යංශය ලැබිම්න් පසුව මංගලගේ කුප්‍රකට ඩිල්කරු වන රුවන් ෆර්නැන්ඩස් හරහා ඩිල් එකක් දමාගත් Sajad මංගලට ලං වු අතර පසුව පසුගිය කාලසිමාව තුල ඔහුන් අතර විවිධ ව්‍යාපාරික වශයෙන් ඩිල් සිදුව ඇති අතර ඒ හරහා මංගල මෙන්ම් මංගලගේ ගොලයන්ද හොදින් ගරාගෙන තිබේන බව මේ වනවිට Sajadගේ කටින්ම අනාවරණය වි ඇත.

මංගල සහ Sajad අතර දැන් පවතින යහලුකම එසේ මෙසේ එකක් නොවන බව පසුගියදා Sajad Mawzoonගේ දියණීයගේ විවාහය සිදුවු අතර ඒ සදහා ආරාධනා ලැබ තිබුනේ දේශපාලකයන් දෙදෙනෙකුට පමණක් වන අතර ඒ මහින්ද රාජපක්ෂ සහ මංගක සමරවීර පමණක් වන අතර එම විවාහ උත්සවය අතරතුර පැය ගණනක් කතා කිරිමට අවස්ථාව හිමිවුවද එය සාර්ථක එකක් නොවන බව උත්සවයෙන් පසු මංගලම පවසා තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති නව බදු ව්‍යුහය යටතේ මංගල හදිසියේම සිනී මිළ රුපියල් 15කින් වැඩි කිරිමට තීන්දුවක් ගත් අතර එම තින්දුව ගැනිමට ප්‍රධානම හේතුව Sajad Mawzoon සමග මංගල සමරවීර ඇතිකරගෙන තිබේන් ඩිල් එකක් නිසා බව අනාවරණය වි තිබේ.

සීනි මිළ රුපියල් 18කින් ඉහල දැමිම සදහා මුලදි කතා කර තිබුනද අවසානයේ එම මිළ ගණන් වේනස් කරමින් මංගල එම වැඩිකිරිම රුපියල් 15ක් දක්වා අඩුකිරිමට කටයුතු කර ඇති අතර ඒ හරහා මංගලගේ කල්ල මරේ වැටුනද Sajad Mawzoon නම් බලාපොරොත්තු වු ගාන නොලැබිමෙන් කනස්සල්ලට පත්ව තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් සම්බන්ධයෙන් වෙළඳ පොළ අස්ථාවරත්වය ඇති නොවන අකාරයට පවත්වාගෙන යැමට මුදල් අමාත්‍යවරයාට බලය ඇති අතර ඒ අනුව එම බලය යොදා ගනිමින් මංගල මෙම හදිසි මිල ඉහල දැමිම සිදුකර තිබේ.

Sajad Mawzoon,මංගලගේ සීනී සෙල්ලම…

මිල ඉහල දැමිමට හරියටම සති දෙකකට පෙර Sajad Mawzoon විසින් සීනි මෙට්‍රික් ටොන් තීස්දාහසක් (30,000 metric ton)ලංකාවට ගෙන්වා ගබඩාකරගෙන ඇති අතර ඊට අමතරව දේශීය වෙළද පොලේ සීනි ගෙනවිත් ගබඩා කරගෙන සිටින් සුළු ව්‍යාපාරිකයන් රැසක් සතුව් තිබු සිනී තොග මෙට්‍රික් ටොන් පහලොස්දාහසක් ( 15,000 metric ton)ද මිළදි ගැනිමට Sajad සමත්ව තිබේ. ඒ අනුව මිළ් ඉහල යනවිට ඔහු සතුව සිනී තොග මෙට්‍රික් ටොන් හතලිස්පන්දහසක් (45,000 metric ton) තියෙන අතර මිළ වැඩිවිමට සාපේක්ෂව ගණනය කර බැලුවහොත්

Sajad Mawzoon සතුව සීනී කිලෝග්‍රෑම් 45,000*1000=45,000,000 පමණ ඇති අතර එම සිනි ප්‍රමාණය එක් කිලෝවක් රුපියල් 15 බැගින් ගණන් සාදා බැලුව හොත් 45,000,000*15=675,000,000 පමණ වේ. එනම් මිලියන 675ක මුදලකි.(675 million)

එම ලාබය බෙද ගැනිම සදහාද දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇතිකරගෙන තිබේන අතර ඒ අනුව සෑම සීනී ක්‍රිලෝවට අයවෙන රුපියල් 15න් රුපියල් 7ක් මංගල සමරවීර අමාත්‍යවරයාට වන අතර තවත් රුපියලක් බැගින් රුවන් ෆර්නැන්ඩස්ට ලබාදීමටද පොරොන්දු දි තිබේ.ඒ අනුව Sajad Mawzoonට රුපියල් 7ක් බැගින් සිනී ක්‍රිලෝවට ලැබෙන අතර ඩිල් කරුවන්ට 8ක් ලැබෙද්දී තමන්ට 7ක් ලැබිම ගැන Mawzoon කණගාටුවෙන් පසුව ඇති අතර අදාළ එකඟතාවයන් ඇතිකර ගන්නා අවස්ථාවේ සීනී ක්‍රිලෝවක මිළ රුපියල් 18කින් ඉහල දැමිමට මංගල පොරොන්දු දි තිබිමයි.

මේ අතර මිළ වැඩි කිරිම සිදුකල ඉක්මනින්ම මංගලගෙ මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කල අතර එහි සදහන්ව තිබුනේ.ලෝක වෙළෙඳපොළේ අතිරික්ත සීනි සැපයුමක් හේතුවෙන් ජාත්‍යන්තර සීනි මිල බෙහෙවින් අඩුවී ඇති බැවින් සීනි සඳහා පනවා ඇති නව බදු හේතුවක් කරගෙන සීනිවල වෙළෙඳපොළ මිල වැඩිකිරීමට කිසිදු අවසරයක් දෙන්නේ නැත යනුවෙනි.නමුත් එය අමු කෙප්පයක් බව තව නොබො දුරකින් හෙලි වනු ඇත.දැනටමත් වෙළද සැල රැසක සිනී මිළ ඉහල දම ඇති අතර අප මංගලට අභියෝග කරමින් කියා සිටින්නේ ඇත්තටම සීනී මිළ ඉහල දැමිමට මංගල විරුද්ධ නම් ඒ සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙසයි.

වෙළෙඳපොළේ සීනි කිලෝවක තොග මිල රුපියල් 15 කින් වැඩි කිරීමට සීනි ආනයනය කරන්නන්ගේ සංගමය මේ වනෛට තීරණය කර ඇති අතර ඒ අනුව දැනට රුපියල් 90 ක් ව තිබූ සීනි කිලෝවක තොග මිල රුපියල් 105 දක්වා වැඩිවන බවත් ඉන් සාමාන්‍ය සිල්ලර වෙළෙඳපොළේ සීනි කිලෝ එකක මිල රු. 130 – 135 ත් අතර ගණනකින් වැඩිවනු ඇති බවත් එම සංගමයේ උප සභාපති හේමක ප‍්‍රනාන්දු මහතා පැවැසීය.

පවුලක් නැති මංගලට මොකටද මේ සල්ලි …

දරුපවුලක් නොමැති මංගලට හදිසියේ මුදල් අවශ්‍ය වුයේ ඇයි යන්න කාටත් දැන් ප්‍රශ්නයකි.මේ වනවිට එක්සත් ජාතික පක්ෂය තුල සීතල කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේන අතර එහි මහ මොළකරු ලෙස කටයුතු කරන මංගල පසුගිය කාලසීමාවේ එනම් මුදල් හා ජනමාධ්‍ය නොමැතිව නිකංම විදේශ අමාත්‍යවරයාව සිටි සමයේ සිටම එජාප Inner Circle තුලට එමට මංගල ගත් උත්සහ තවමත් සාර්ථක වි නැත.

ඒ සදහා මංගල අසාර්ථක වු මෙහෙයුම් ගණනාවක් දියත් කල අතර පසුව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරිය සහ ටී.එන්.එල්.රුපවාහිනී සේවයේ අධ්‍යක්ෂකවරියක් වන ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් සොහොයුරා වන ශාන් වික්‍රමසිංහ මහතාගේ දියණියඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පත්කර ගත් අතර ඒ හරහා Inner Circle තුලට එමට මංගල ගත් උත්සහයද මේ දක්වා සාර්ථක කර ගැනිමට මංගලට හැකියාව ලැබි නැත.

ඒ සමගම පසුගියිදා මංගල රනිල්ට හීන් නුලෙන් වැඩක් සෙට් කල අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේ මාධ්‍ය ඒකකයේ කටයුතු සම්පූරණයෙන්ම මෙහෙයවීමේ පූර්ණ වගකීම ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය වෙත පවරා තිබේන අතර අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි මහතාගෙන් එම මාධ්‍ය මෙහෙයුම් රාජකාරිය නිවැරදිව ඉටු නොවන නිසා යැයි කියමින් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මැදිහත්වීම මත මේ පියවර ගෙන තිබේ.

කෙසේ නමුත් මේ දක්වා මංගල ගත් සෑම උත්සහයක්ම ගගට කැපු ඉනී සේ ගහගෙන ගිය අතර ඒ නිසාම එම මෙහෙයුම සාර්ථකම්කර ගැනිම සදහා විශේෂ මඩ බලකා මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටු විමට මංගල -රුවන් කටයුතු කර ඇති අතර ඒ සදහා අවශ්‍ය මුදල් සේවිම සදහා ඉක්මනින්ම ඩිල් කර ගැනිමට හැකි වු ඒ සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති Sajad Mawzoon සමග සීනී ඩීල් එක දමාගෙන ඇති බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.

මේ වනවිට අදාල විශේෂ මඩ බලකා මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙමින් තිබේන අතර ඒ හරහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පවතින ගැටුම්කාරි තත්ත්වය දේශපාලන ගැටුමක් බවට පත්කිරිම සදහා අවශ්‍ය මෙහෙයුම් දියත් වෙමින් තිබේන අතර ඒ හරහා අගමැතිවරයා එම තනතුරින් ඉවත්කර ගැනිම මංගලගේ එකම උවමනාව වි තිබේ. එම මධ්‍යස්ථානයේ සිට ජනාධිපතිවරයා පච කර දැමිම සදහා වීවිධ කාටුන් ද නිර්මාණය වන අතර පොදුවේ ආණ්ඩුව අසමත් වන සෑම වැඩක්ම ජනාධිපතිවරයාගේ ගිණුමට බැරවන් ලෙස කාටුන් හෝ විවිධ පොස්ට් නිර්මාණය කිරිමටද කටයුතු කරමින් සිටි.

යම් හෙයකින් රනිල් අගමැතිකමින් ඉවතට විසිවුවහොත් එජාපය තුල නායකත්ව අර්බුදයක් ගට ගන්න අතර එජාපය කැකුණ තලද්දී මංගල රජ මගුල් කැමට සුදානමින් සිටි නමුත් හදිසියේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මංගල සමග ඌරණ විමත් සමග මංගලගේ එම මෙහෙයුම යන්නන් වාලේ යන එකක් විය.

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ මංගල අරක්කු සම්බන්ධයෙන් ගත් ඇතැම් තින්දු පිළිබඳව ජනාධිපතිවරයා දැඩි ලෙස ඌරණව සිටි අතර රටේ ආර්ථිකයටද ටිකෙන් ටික කෙලවි යැමත් සමග එම විරසකය තීව්‍ර කිරිමට සමත් විය. සියල්ලටම වඩා මංගලගේ ගොලයන් දෙදෙනෙකු වන රුවන් සහ තුසිත හල්ඔලුව භාවිතා කරමින් තමන්ට සහ තමන්ගේ පවුලේ අයට මඩ ගැසිම සමබන්ධයෙන් රජයේ ඔත්තු සේවාවන් සහ පෞද්ගලික ඔත්තු සේවාවන් කල අනාවරණය හරහාද රුවන් සහ තුසිත ඒ පසුපස සිටින බව් තහවුරු තිබේ.

මංගල හොයන සල්ලි සදරුවන්ගේ පාත්තරයටත් වැටේ….

පසුගිය කාලසිමාවේ යන එන මං නොමැතිව විවිධ් මන්ත්‍රීවරුන් මෙන්ම ව්‍යාපාරිකයන් පසුපස මුදල් ඉල්ලමින් පාත්තරය අරගෙන ලංකා ඊ නිවුස් සදරුවන් ගියද කිසිවෙක් ඒ සදහා ආධාර නොකල අතර මේ වනවිට සදරුවන්ගේ පාත්තරයට මුදල් දැමිමට කටයුතු කරමින් සිටින අතර එම ගණුදෙනු සියල්ලම මංගලගේ සුවච කිකරු ගොතයා වන තුසිත හරහා වෙනබවද මේ වනවිට අනාවරණය වි අවසන්.

අවසන් නැත…

මංගල මුදල් අමාත්‍යවරය ලෙස සිටිමින් ලංකාවේ ආර්ථ්කයට බරපතල හානියක් සිදුකරමින් මංගල කල දැවැන්තම ඩිල් එක සම්බන්ධයෙන් තොරතුරු සියල්ලම අප සතුව ඇති අතර ඉතා ඉක්මනින්ම එම තොරතුරු සමාජ ගත කිරිමටද අප සුදානම් බව ලියා තබමින් නතර වෙමු.

පුවත් උපුටනය: ලංකා ලීක්ස්
ජායාරූප උපුටනය: වොයිස් ඔෆ් සිලෝන්

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *