ඩයස්පෝරාව සතුටු කරමින් කාදිනල්තුමාට සරදම් කිරීම

මැල්කම් රලංජිත් කාදිනල්තුමා පසුගියදා කඳානේ දේවස්ථානයක දී කරන ලද ප‍්‍රකාශය ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරයකුගේ හා ඔහුට සහාය දක්වන මානව හිමිකම් මතධාරීන්ගේ දෝෂදර්ශනයට හා විවේචනයට ලක් ව තිබූ බව සමාජ ජාලා වෙබ් අඩවිවලින් හා වෙනත් ප‍්‍රකාශනයන්ගෙන් පෙණිනි. එහිදී මංගල සමරවීර ඇමැතිතුමා වෙබ් අඩවියකින් ප‍්‍රකාශ කර සිටියේ කාදිනල්තුමා ජනප‍්‍රිය වීම සඳහා මෙබඳු ප‍්‍රකාශයක් කර ඇති බව ය. එසේ කරමින් අමාත්‍යවරයා කාදිනල්තුමාට අපහාස කිරීමට ද කතෝලික දහමට නිග‍්‍රහ කිරීමට ද කටයුතු කර ඇති බව පෙනේ. එයට ද විරෝධය දක්වමින් ඇතැම් පිරිස් ප‍්‍රකාශ නිකුත් කර තිබීම මෙහිලා සලකා බලමින් මෙම ලිපිය ඉදිරිපත් කරනු ලැබේ.

මෙම ලිපිය මගින් දීර්ඝ කාලයක සිට ඓතිහාසික උරුමයක් සේ සලකා මානව හිමිකම් ආරක්ෂා කරන ලද ජාතියකට හෝ ආගමකට ද විශේෂයෙන් ම රටකට ද අයත් පුරවැසියකු වශයෙන් කුමන ආකාරයකින් හෝ මානව හිමිකම් අවතක්සේරු කිරීමට ද මානව හිමිකම්වලට විරුද්ධ වීමට ද මානව හිමිකම් විවේචනයට හසු කිරීමට ද අදහස් කරනු නොලැබේ. මානව හිමිකම් උල්ලලංඝනය කිරීම හා මානව හිමිකම් ආරක්ෂා කිරීම වැනි කරුණු කෘත‍්‍රිම හා ව්‍යාජ මාතෘකාවන් බවට පත් වූයේ කෙසේ දැයි සොයා බැලීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

මානව හිමිකම්, ළමා හිමිකම් හා කාන්තා හිමිකම් ගැඹුරු මාතෘකා සේ සලකා බටහිර ලෝකය විසින් සමස්ත ලෝකයට ම ඉගැන්වීම සඳහා ද විෂයයන් ලෙස හැදෑරීමට ද ව්‍යාප්ත කිරීමට ද පටන් ගනු ලැබූයේ කවර නම් වූ පරමාර්ථයකින් දැයි සොයා බැලිය යුතුව වේ. බටහිර ලෝකයට මානව හිමිකම් අලූත් අමුතු මාතෘකා වුවද ඉන්දියානු කලාපයේ විශේෂයෙන් ම ආසියානු රටවල, ප‍්‍රජාවට මානව හිමිකම් අලූත් අමුතු මාතෘකාව වූයේ නැත. ඒවා සිය ජීවිතයට ම කාවද්දා ගත් ආසියානුවා තමන්ගේ පැවැත්ම හුදෙක් තමාට පමණක් අයත් වූවක් නොව සමස්ත ජීවි අජීවි ලෝකයේ ම යහපැවැත්ම උදෙසා වන්නක් ය යන්න තේරුම් අරගෙන තිබූ බව ඉතිහාසය ගැන මැනවින් දන්නා කාදිනල්තුමා දන්නා කරුණකි. එතුමා මේ බව සඳහන් කරන්නේ එකී ඥානයෙන් එතුමා සුපෝෂිත හෙයින් විය යුතුයි.

විශේෂයෙන් රටක් වශයෙන් ශ්‍රී ලංකාව මානව හිමිකම් හැදෑරිය යුතු හෝ අභ්‍යාසයක් සේ සලකා ප‍්‍රායෝගික කළ යුතු සමාජයක් සහිත රටක් නොවන බව කාදිනල්තුමා දනී. නව ආගමක් සේ ව්‍යාප්ත වෙමින් යන මානව හිමිකම් පිළිබඳ එතුමාගේ විවේචනය මේ රටේ ඉතිහාසයට සාපේක්ෂ ව ඉතා නිවැරදි දැක්මකින් කරන ලද්දකි. මංගල සමරවීර අමාත්‍යවරයා මෙම ප‍්‍රකාශයට වඩා කලබල වන්නේ එතුමන් විසින් කැබිනට් මණ්ඩලයේ ද ජනතාවගේ ද අනුදැනුමෙන් තොරව ජිනීවා මානව හිමිකම් කවුන්සලය ඉදිරියේ රට පාවා දුන් නිසා විය යුතුය. මානව හිමිකම් කවුන්සලයේ දී රටට එරෙහි පරීක්ෂණයට රටේ ද සහාය ඊට දැක්වීමට එතුමාට බලය දුන්නේ කවරෙක්ද? මානව හිමිකම් පිළිබඳ කාදිනල්තුමන්ගේ ප‍්‍රකාශය එතුමාට මරුපහරක් වන්නට ඇත්තේ එහෙයින් විය යුතු ය.

බටහිර ලෝකයේ රටවල් සහ නැගෙනහිර ලෝකයේ රටවල් මානව හිමිකම් පිළිබඳ සිතන්නේ ආකාර දෙකකිනි. බටහිර ලෝකයේ රටවල් පුද්ගල මූලික ව හෝ පුද්ගල බද්ධ ව මානව හිමිකම් පිළිබඳ සිතන අතර ප‍්‍රඥප්තිගත ව නීති බවට පත් කොට සැලකීමට හා පිළිපැදීමට ද බල කරන අතර නැගෙනහිර ලෝකය සැලකුයේ මානව හිමිකම් සමාජමය වගකීමක් වශයෙනි. ඒ අනුව නැගෙනහිර ලෝකය හෙවත් පෙරදිග ලෝකවාසියා සත්වයා සහ ගහකොළ සිියල්ල ම මානව හිමිකම් ආරක්ෂා කිරීමෙහි අලංග සහ උපාලංග ලෙස සිතා කටයුතු කළා විය යුතුයි. විශේෂයෙන්ම ශ්‍රී ලාලංකේය සමාජය කල්පනා කළේ සමාජය මිනිසාට පමණක් උරුම විය යුතු සමාජයක් ලෙස නොවේ. අවම වශයෙන් ශ‍්‍රී ලාලංකේය දඩයක්කරුවන්ට පවා සතාසීපාවා පිළිබඳ පවා කිසියම් ආකාරයක කාරුණික භාවයක් හා ඒ පිළිබඳ හැඟීමක් තිබූ බව පෙනේ.

ගැබ්බර සතුන් ඝාතනය නොකිරීමටත් අතිරික්ත මත්ස්‍යයන් නො මරා මුදාහැරීමටත් ක‍්‍රියා කිරීම, ශ්‍රී ලාලංකේය දඩයක්කාරයන් තුළ පවා තිබූ සත්ව හිලංසාව පිළිබඳ ගැඹුරු සලංස්කෘතික විඥානයට සාධකයකි. ශ්‍රී ලාලංකේය ගොවියන් කුරුලූ පාළුව නමින් කොටසක් තම ගොවිබිමේ අත්හරින්නේ තමාගේ ගොවිතැන්වල ඔවුන් ද හිමිකරුවන් යැයි සිතූ හෙයින් විය යුතුය. මෙසේ ගොවිබිමේ දී පවා තම දහඩිය මහන්සියෙන් කොටසක් සතා සීපාවාට ද අයිතියයි සිත් වූයේ ශ‍්‍රී ලාලංකේයයා මානව හිමිකම්, සත්ව හිමිකම් දක්වා පුළුල් ලෙස සිතන්නට පුරුදු පුහුණු ව සිටි හෙයින් විය යුතු ය. තවද ගහට කොළට පවා ඔවුන්ගේ තිබූ කාරුණිකභාවය පෙනෙන්නේ ගහක් කපා බිම හෙළීමට ද මිනිසා තුළ තිබූ අකැමැත්ත සලකා බැලීමෙනි. ඒ අනුව ආසියාතිකයා විශේෂයෙන් ශ්‍රී ලාලංකේයයා මානව හිමිකම් දෙස බැලූයේ එය තම ජන්ම උරුමයක් සේ සලකා මිස තම ගමට ආ එන්ජී ඕ සලංවිධානයකින් කියන ලද බෙදන ලද පත‍්‍රිකාවක මාතෘකාවක් වශයෙන් නොවේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිර ජාතීන්ට අවශ්‍ය වූයේ නැගෙනහිර රටවල් තම අතවැස්සන්, යටත්වාසීන්, සුවච කීකරු දාසයන් සේ පාවිච්චි කිරීමට ය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් නැගෙනහිර ලෝකයට අයත් රටවල් අතර නිරන්තර යුද්ධ ඇති වූවා පමණක් නොව බටහිර ලෝකයට අයත් රටවල ඇතිවන යුද්ධවලදී බෝම්බ වැටුණේ ද නැගෙනහිර රටවලට ය. ශ්‍රී ලලංකාවට ජපනුන් බෝම්බ දාන්නේ ලලංකාව එක්ක ඇති තරහකට නොවේ. එලංගලන්තය එක්ක ඇති තරහකට ය. මේ සලංසිද්ධිය අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ බටහිර ලෝකයේ අරගලය නැගෙනහිර යුදබිමක දී සිදු වන බව ය. ( බටහිර නොවුව ද චීනය හා ඉන්දියාව අතර ඇති විය හැකි යුද්ධයක දී ලලංකාව ඔවුන්ගේ යුද බිම විය හැකි බව ද මේ අවස්ථාවේදී ම අප විසින් වටහා ගත යුතු ව ඇත.)

නූතන ලෝකයේ කතෝලික දහම හා ඊට ආනුෂලංගික සලංවිධාන පිළිබඳ ව අප සිතිය යුත්තේ පෙර එලංගලන්ත ආක‍්‍රමණික දෘෂ්ටියකින් ම නොවේ. අද වනවිට එලංගලන්ත කතෝලික සභාවට හා පාප්තුමන්ට ද එරෙහි වන්නා වූ ඇමෙරිකානු ක‍්‍රිස්තියානි මූලධර්මවාදී සලංවිධාන රාශියක් ලොව පුරා ඇති කරනු ලැබ ඇත්තේ පාප්තුමන්ට හා සාම්ප‍්‍රදායික පල්ලියට ද අභියෝගයක් කිරීම් වශයෙනි. එහෙයින් අද වන විට මලංගල සමරවීර අමාත්‍යතුමා ගෙනහැර දක්වන්නා වූ පල්ලියේ මානව හිමිකම් කඩ කිරීම යන මාතෘකාව අද ලෝකයට සෘජු ව අදාළ කරගත හැකි නො වන්නේ ය. ඊට හේතුව වන්නේ බටහිර රටවල් අතරින් ඇතැම් විශේෂ දියුණු රටවල් ද තම මානව හිමිකම් ආරක්ෂා කිරීම ස්වේච්ඡා වගවීමක් සේ සලකන හෙයිනි.

කාදිනල්තුමා චින්තනයෙන් ආසියාතිකයෙකි. තවද ශ්‍රී ලාලංකිකයෙකි. එතුමා දකින්නේ ශ්‍රී ලාලංකේය දෘෂ්ටියෙනි. ඓතිහාසික ශ්‍රී ලාලංකේය දෘෂ්ටියෙන් දුටු විට මානව හිමිකම යනු අපට නව මාතෘකාවක් නොවන බව එතුමා විසින් කරනු ලබන ප‍්‍රකාශයයි. එය මානව හිමිකම් පිළිබඳ ආසියානු දැක්මයි. මේ අවස්ථාවේදී මලංගල සමරවීර අමාත්‍යවරයා කාදිනල්තුමන්ට එරෙහි ප‍්‍රකාශයක් කරන්නට ඉක්මන් වන්නේ කවර හේතුවක් නිසා දැයි දැන් සොයා බැලිය යුතු ව ඇත.

මෑතක දී අපේ අග‍්‍රාමාත්‍යතුමා මහා විහාරයේ භික්ෂූන් වහන්සේට එතුමාගේ ඇති ලෙන්ගතුකම පෙන්වා තිබේ. තවද සම්බුද්ධ දේශනාවන් විකෘති කරමින් පවත්වනු ලබන දේශනාවන්ට පිළිතුරු සපයන්නට රාජ්‍ය මැදිහත්වීමක් ඉල්ලා සිටි මහානායක මාහිමිපාණන් වහන්සේලාට එතුමන් විසින් ඉතා ඉක්මනින් ප‍්‍රසලංසනීය ප‍්‍රතිචාර දක්වනු ලැබ තිබේ. මහානායක මාහිමිපාණන් වහන්සේලා පිනවීම අගමැතිතුමාගේ තවත් එක්තරා උපක‍්‍රමයක් ලෙස අපට හැෙඟන්නේ මලංගල සමරවීර අමාත්‍යවරයාගේ ප‍්‍රතිචාරය ද එකට සලකා බලමිනි.

ඉහත කී කාගේ කාගේත් උවමනාව වන්නේ ඩයස්පෝරා න්‍යායපත‍්‍රයට අනුකූල ව බෙදුම්වාදීන්ගේ උවමනාවන් සුවච කීකරු ව සලකා බලමින් ඔවුන්ට උවමනා වූ පසුබිම හා යටිතල පහසුකම් සැපයීම ය. මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ ‘‘රට අයත් වන්නේ ජනතාවට ය. පාලකයා එහි මුරකාරයා පමණි’’ යන ප‍්‍රකාශයට අනුව රජ කාලයේ දීත්් රාජාණ්ඩු පැවති කාලයේදීත් විධායක ජනාධිපති ක‍්‍රමයක් ඇති කාලයේදීත් විසූ එකී සකලවිධ පාලකයන් හුදෙක් මුරකරුවන් මිස හිමිකරුවන් නොවන බව තේරුම් ගත යුතු ය. මලංගල සමරවීර හිටපු විදේශ අමාත්‍යතුමා බෙදුම්වාදයේ හිතවතුන්ටත් ඩයස්පෝරා හිතවතුන්ටත් පොරොන්දු වී ඇති පරිදි රටේ ස්ථාවරභාවය කෙලෙසෙන 20 වන ව්‍යවස්ථා සලංශෝධනය දින විය යුතු ය. අගමැතිතුමා මහනාහිමිවරුන්ගේ කිසියම් ප‍්‍රකාශයක් උද්ධෘත කරමින් උන් වහන්සේලාට මහත් වූ උත්තේජනයක් සැපයීමත් මලංගල සමරවීර විදේශ අමාත්‍යවරයා කාදිනල්තුමා දඩබ්බර වැඩි යැයි සිතා බය කිරීමත් එක ම අරමුණක ක‍්‍රියාකාරිත්‍ව දෙකක් සේ පෙනේ. හොඳ ළමයින් ගේ හිස් අත් ගා දඩබ්බර ළමයින් බිය ගැන්වීමට වේවැලෙන් මේසෙට තදින් ගැසුවා සේ හැඟීමක් මින් අපට පෙනේ.

මානව හිමිකම්, ළමා හිමිකම් හා කාන්තා හිමිකම් වැනි ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් විසින් ශ්‍රී ලලංකාවට හඳුන්වා දෙනු ලැබූ නූතන නීති රීති රෙගුලාසි මේ වන විට භාවිත ව ඇත්තේ දේශහිතෛෂීන් හා ජාතිපේ‍්‍රමීන් දඩයම් කිරීමට මිස අන් යමක් සඳහා නොවේ. ඉහත කී හිමිකම්, අපරාධකාරයන් ආරක්ෂා කිරීම සඳහා යොදා ගත හැකි උපක‍්‍රමයක් ලෙස මේ වන විට භාවිත වෙයි. ළමා අපරාධකාරයින්, ස්ත‍්‍රී දූෂකයින්, වලංචනිකයින් හා මහා පරිමාණ දූෂකයින් ආරක්ෂා කිරීම සඳහා මානව හිමිකම් භාවිත කළ හැකි සුමට මෙවලමක් ව ඇති බව පෙනේ. රට බේරා ගැනීම උදෙසා සිය දිවි කැප කළ බුද්ධි අලංශ නිලධාරීන් අල්ලා දඬු කඳේ ගසන්නට මානව හිමිකම් භාවිත වන්නේ නම්, ඊට අමතර ව සිය ජීවිත කාලය පුරාවට ම දරුවන්ට වෙහෙස කර ඉගැන්වීමක නිරත වූ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ළමා හිමිකම් යටතේ දඬුවම් කරනු ලැබ දඟ ගෙයි ලන්නේ නම් එකී මානව හිමිකම්වල භාවිතාව පිළිබඳ නැවත සිතා බැලිය යුතුව ඇත.

සුඩානය, කොසෝවෝ ප‍්‍රාන්තය බෙදා වෙන් කළ ජාත්‍යන්තර බෙදුම්වාදීන් විශේෂයෙන් බටහිර බෙදුම්වාදීන්ගේ උපාය මාර්ගය වූයේ ඉහත කී රටවල්හි වෙසෙන දේශීය ක‍්‍රියාධරයන්, දේශපේ‍්‍රමීන්, දේශහිතෛෂීන් බියගන්වා දඬු කඳෙහිලා සිරගත කොට බියගන්වා ව්‍යවස්ථාවකින් රට බෙදා වෙන් කිරීම ය. ශ්‍රී ලලංකාවේ ක‍්‍රියාත්මක වන්නේ ද ක‍්‍රියාත්මක වීමට නියමිත ව ඇත්තේ ද එකී සැලසුම ම ය. එය මලංගල සමරවීර හිටපු විදේශ අමාත්‍යතුමන් ගේ කාර්යභාරය වී ඇත්තේ බියගන්වා මින් ඉදිරියට එබඳු ප‍්‍රකාශයන් කරන්නවුන්ගේ අදහස් වැළැක්වීම හා ප‍්‍රකාශ කිරීම වළකාලීම විය යුතුය.

ශ්‍රී ලාලංකිකයෝ හුදෙක් මානව හිතවාදීහු නොවෙති. තවත් නිවැරදි ව කියන්නේ නම් ශ්‍රී ලාලංකිකයෝ මානව හිතවාදීහු පමණක් නොවෙති. ඔවුහු සත්ව හිතවාදීහු ද ලෝක හිතවාදීහු ද වෙති. කිසිදු ශ්‍රී ලාලංකිකයෙක් සිලංහලයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා යැයි නොපැතූහ. බෞද්ධයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා යයි ද නොපැතූහ. සියලූ සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා යැයි පමණක් පැතූහ. ලෝක විෂයෙහි ජීවී අජීවී පුද්ගල හා වස්තු පිළිබඳ වූ මහා හිතානුකම්පීභාවය මෙයින් ම ප‍්‍රකාශ නො වන්නේ ද? මේ ලිපිය මානව හිමිකම් පිළිබඳ බෞද්ධ දැක්ම විග‍්‍රහ කෙරෙන ලිපියක් නොවන්නේ එය මානව හිමිකම් පිළිබඳ බුද්ධ දේශනාව හා බුදුසමයෙහි එන ප‍්‍රකාශයන් ලිපියකින් ලඝු කර දැක් විය හැක්කක් නො වන හෙයිනි. ඒ පිළිබඳ ව වෙන ම ග‍්‍රන්ථ රචනා කරනු ලැබ ද තිබේ. එහෙයින් මානව හිමිකම් පිළිබඳ බෞද්ධයාට ද ශ්‍රී ලාලංකේයයාට ද අලූතෙන් ඉගැන්විය යුතු නැත. අනාගමික භාවය ද තේරුමක් නැති ප‍්‍රකාශයක් යැයි කාදිනල්තුමා එදින ම සඳහන් කරනු අපට පෙනේ. මේ සියලූ ප‍්‍රකාශයන්ගෙන් කියවෙන්නේ ශ්‍රී ලාලංකේය දේශීය අනන්‍යතාවක් පිළිබඳ ඓතිහාසික නිරවද්‍යතාව ද පිළිබඳව මනා හැඟීමක් කාදිනල්තුමන් සතුව ඇති බව ය. එහෙයින් මෙබඳු ප‍්‍රකාශයට එරෙහි වීමේ දී අපේ ගරු අමාත්‍යතුමා මීටත් වඩා ඓතිහාසික උරුමයන් පිළිබඳ ව හා ශ්‍රී ලලංකාවේ ඉතිහාසය පිළිබඳ ව ගැඹුරින් හා උවමනාවෙන් හදාරා තිබීම අවශ්‍ය වන්නේ ය.

-මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි-
-දිවයින-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *