සියළු සහන ධිවරයාගේ ආර්ථිකය ශක්තිමත් කර රටට වැඩිම විදේශ විනිමය උපයා ගැනීමටයි

බහුදින ධිවර යාත්‍රා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 175 කට අධික මරුවැල් පන්න කට්ටල , වින්ච් යන්ත්‍ර සහ බෝට්ටු අලුත්වැඩියාව සදහා ආධාර ප්‍රදානය ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිගේ ප්‍රධානත්වයෙන් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී පසුගියදා[26] දින සිදු කෙරිණ .

මේ යටතේ මරුවැල් පන්න කට්ටල 130 ක් . වින්ච් යන්ත්‍ර 100 ක් සහ තවත් 130 දෙනෙකු සදහා සිය බෝට්ටු අලුත් වැඩියාව වෙනුවෙන් මුල්‍යාධාර ප්‍රධානය සිදු කළහ.

ලබාදුන් එක් මරුවැල් පන්න කට්ටලයක වටිනාකම රුපියල් දස ලක්‍ෂ විසිපන් දහසක්. ඉන් සියයට පනහක් හෙවත් රුපියල් පන්ලක්‍ෂ දොළොස් දහස් පන්සියයක් ධිවර දෙපාර්තමේන්තුව විසින් සහනාධාර යටතේ ලබා දේ. මේ අනුව මේ මරුවැල් පන්න කට්ටල 130 සදහා ධිවර දෙපාර්තමේන්තුව වැය කරන මුදල රුපියල් හය කෝටි අසු දෙලක්‍ෂ පනස් දහසක්. මෙම මරුවැල් පන්න ගැබුරු මුහුදේ ධිවර කර්මාන්තයේ නිරත බහුදින ධිවර කාර්මිකයින්ගේ භාවිතය සදහාය. එම මරුවැල් පන්න ඇදීම සදහා වින්ච් යන්ත්‍ර ලබාදීම දසිදු කෙරිණ. මේ යටතේ වින්ච් යන්ත්‍ර 100 ලබා දෙනු ලැබිය. එම එක් වින්ච් යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්‍ෂ 06 කි.

එක් වින්ච් යන්ත්‍රයක් සදහා ධිවර දෙපාර්තමේන්තුව සියයට 50 ක් ආධාර ලබාදීම වැඩ පිළිවෙල යටතේ මෙහිදී රුපියල් ලක්‍ෂ 3 බැගින් ද බෝට්ටු අලුත්වැඩියා සහ සිසිලන පද්ධති අලුත්වැඩියා කටයුතු සදහා රුපියල් ලක්‍ෂ 05 බැගින් 130 දෙනෙකු සදහාද ආධාර පිරි නැමිණ.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි සදහන් කලේ රුපියල් කෝටි 17 කට අධික මෙම මරුවැල් පන්න, වින්ච් යන්ත්‍ර සහ ආධාර ලබාදීමේ අරමුණ සමස්ථ ධිවර ජනතාව මෙන්ම ධිවර කර්මාන්තයේ උන්නතිය සේම රටට වැඩි විදේශ විනිමයක් උපයාදීම බවය.

මෙරට වැඩිම අපනයන ආදායම් උපයන ප්‍රධාන කර්මාන්ත ත්‍රිත්වය අතරට ධිවර කර්මාන්තය රැගෙන ගොස් ජනතාවගේත් රටෙත් අපේක්‍ෂා ඉටුකිරීම වෙනුවෙන් මෙවැනි ආධාර හා උපකාර ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන බව සදහන් කල රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මෙරට ජනතාව බලයට පත් කල ආණ්ඩුව රැකගන්නා සේම ධිවර ජනතාවත්, ධිවර කර්මාන්තයත් රැකගැනීමට දිවි හිමියෙන් කැපවන බව අවධාරණය කළේය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මෙසේද පැවසිය . “ අපි පහුගිය වසර තුනක පාලන කාලය තුලදී රටට දැනෙන්න, ඇගට දැනෙන්න, වැඩ කොටසක් අපි ආරම්භ කළා යහපාලන රජය තුලින් . විශේෂයෙන් පසුගිය පාලන කාලයේ මත්ස්‍ය අපනයනය තහනම් කළා. ඒ එදා පාලකයින්ගේ වැරදි ප්‍රතිපත්ති නිසයි. අපි යහපාලන රජය බලයට පත් වූ වහාම අතිගරු ජනාධිපතිතුමාත්, ගරු අග්‍රාමාත්‍යතුමත් මැදිහත් වෙලා ඒ තහනම ඉවත් කරගැනීමට අපිට හැකිවුනා. එය අපේ රට ලබපු විශාල ජයග්‍රහණයක් . ඒ ලබපු ජයග්‍රහණයේ ප්‍රතිලාභ අද රටටත්, ජනතාවටත්, ධිවර ජනතාවටත්, ධිවර කර්මාන්තයටත් ලැබෙමින් තියෙනවා . එදා මේ තහනම නිසා අපනයන කර්මාන්ත ශාලා ගණනාවක් වැහිලා ගියා . විශාල පිරිසකට රැකියා නැති වුනා . ඒ වගේම රටට විශාල විදේශ විනිමයක් අහිමි වුනා . අපේ රජය බලයට පත් වී යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කරගැනීමත් සමග පසුගිය පාලන කාලයේ වැහී ගිය අපනයන කර්මාන්ත ශාලා රැසක් නැවත ආරම්භ කළා . විශාල පිරිසකට රැකියා ලැබුනා . රටට අහිමි වූ විශාල විදේශ විනිමයක් රටට නැවත එන්න පටන් ගත්තා”

“ඒ නිසා මරුවැල් පන්න ලබාදෙන්නේ අන්න ඒ ජයග්‍රහණ නැවත නැවතත් රටට ලබාගැනීම සදහා ධීවරයා ශක්තිමත් කරන්නයි . වැඩි වැඩියෙන් විදේශ විනිමය උපයන්නයි . ඉදිරි කාලයේ මිට වඩා සහන ලබාදීමට රජයක් විදිහට අපි කටයුතු කරනවා. අපි මේ සියළු සහන ලබාදෙන්නේ ධිවර ජනතාවගේ අදහස් විමසලා . ධිවර ජනතාවට අවශ්‍ය මොනවද කියලා හොයලා . ඇමතිවරුන් ලෙස අපිත් නිලධාරීන් සහ අපේ අමාත්‍යංශයේ සියලු දෙනාත් ආයතන වල නිලධාරිනුත් කටයුතු කරන්නේ ඔබලාගේත්, රටෙත්, ධිවර කර්මාන්තයේත් යහපත වෙනුවෙන් . ඒ වගේම තමයි බහුදින ධිවර යාත්‍රා හිමියන් මුහුණ දී සිටින අයිස් මිල ඉහල යාමේ ගැටළුව පිලිබදව අපි විශේෂ අවධානය යොමුකලා . ඒ පිළිබද සාකච්ජාවක් කැදෙව්වා . ඒ සාකච්ජාවට අයිස් කර්මාන්ත ශාලා හිමියන් ආවේ නැහැ . බහුදින ධිවර යාත්‍රා හිමියන් පැමිණ හිටියා . ඒ අයත් අපේ නිලධාරීන් සහ අපි ඇමති දෙදෙනාත් සාකච්ජා කළා . එහිදී ඉතාම පැහැදිලි වුනා අයිස් විවිධ මිල ගණන් වලට අලෙවි කරන බව . මේ නිසා වහාම මිල පාලනයක් පැනවීමට තීරණය කළා”

“ධීවරයා සතු කිසි දෙයක් කිසිවකුට මංකොල්ල කෑමට ඉඩ දෙන්නේ නැහැ. භූමිතෙල් මිල ඉහල ගිය අවස්ථාවේ අපි සටන් කළා පොඩි බෝට්ටු හිමියන් වෙනුවෙන් සහනයක් අරන් දෙන්න. බහුදින ධිවර යාත්‍රා හිමියන් සදහා ඒ සහනය ලබාදෙන්න බැරි වුනා. දැන් අපි සටන් කරනවා ඒ වෙනුවෙන් . අපේ බහුදින ධිවර යාත්‍රා 5000 කට අධික ප්‍රමාණයක් ධිවර කර්මාන්තයේ නිරත වෙනවා . ඒ යාත්‍රා සදහා ඩිසල් සහනාධාරය ලබාගැනීමට අපි කටයුතු කරනවා . ඒ ඔක්කොම ගැඹුරු මිහුදේ ධිවර රැකියාවේ යන්නේ , ජාත්‍යන්තර මුහුදේ මාළු අල්ලන්න යන්නේ . මේ බහුදින යාත්‍රාවකට එක් ගමනකට ඩිසල් ලීටර් 1000 ක් සමහර ඒවා ලීටර් දෙතුන් දහසක් ඒ වගේම රුපියල් ලක්‍ෂයක් පමණ ඩිසල් එක ගමනකට ගහනවා . ඩිසල් මිල ඉහල යාමත් එක්ක අපේ ධිවරයට විශාල මුදලක් වැයවෙනවා . මේ මුදල අපි අඩු කරලා දෙන්න ඕනේ . එතකොට තමයි මේ ධිවර කර්මාන්තය කරගෙන යන්න පුළුවන් . ආණ්ඩුව අපේ වුනාට ධිවර රැකගැනීමත් ධිවර කර්මාන්තය රැකගැනීමත් අපේ යුතුකමක් වගේම වගකීමක් . ඒ නිසා අපි පිහිටවපු ආණ්ඩුව රැකගන්නවා සේම ධීවරයා සහ ධිවර කර්මාන්තය රැකගැනීමට දිවි හිමියෙන් කැපවෙනවා . ධිවර කර්මාන්තයේ නිරත අය විදියටත් ධිවර ඇමතිවරු ලෙසත් අපිට ඒ වගකීම තියෙනවා” යැයි ද ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පැවසිය .

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.