රුපියල ගැන නිසි ඇගයීමක් සිදුකොට ඉදිරියේදී තීරණයක් ගන්නවා

රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුකර ඉදිරි තීරණ ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

නාත්තන්ඩිය, ලූර්දු මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට පෙරේදා (22) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී ඔහු මෙසේද ප්‍රකාශ කළේය.

“ගෝලීය ආර්ථික අර්බුදය ඇති වූයේ කෙසේද කියා අප බැලිය යුතුයි. 2008 දී ඇමරිකානු ඩොලරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඩොලරයේ වටිනාකම අඩුවුණා. ඒ නිසා ඇමරිකානු කොටස් වෙළෙඳ පොළ ආයෝජකයන් සහ අනෙකුත් ආයෝජකයන් සිය මුදල් තමන්ගේ රටවලට ගෙන ගියා. නමුත් දැන් එය වෙනස් තත්ත්වයකට පත්ව තිබෙනවා

වර්තමානය වන විට ඇමරිකාවේ කර්මාන්ත නිෂ්පාදන භාණ්ඩ වැඩිවී තිබෙනවා. ඒ වගේම ශීඝ්‍ර දියුණුවක් ඇතිවී තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා ජනතාවට සහන දුන් නිසා වැඩි වැඩියෙන් මුදල් බඩු භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් වැය කරනවා.

මේ තත්ත්වය මත එරට සමාගම්වල ලාභය තවත් වැඩි වෙනවා. එපමණක් නොවෙයි මෙතෙක් කල් ඇමරිකානු මහ බැංකුව අඩු පොලියට ණය ලබාදුන්නත් පසුගිය කාලයේ දෙවතාවක් පොලිය වැඩිකර තිබෙනවා. මෙහි ප්‍රතිථලය කුමක්ද?ඇමරිකාවේ කොටස් වෙළෙඳ පොළේ සහ එරට ව්‍යාපාර මීට වඩා ලාභ තිබෙන නිසා අපේ රටේ සිටින ව්‍යාපාරිකයන් තමන්ගේ මුදල් දැන් ඇමරිකාවට ගෙන යනවා. මේ නිසා අපේ රටවල් සෑම එකකම තිබෙන ඩොලර් සංචිත අඩු වෙනවා. ඩොලර් සංචිතය අඩු වුණාම අපේ මුදල්වල අගය බාල්දු වෙනවා. මේ අර්බුදයට අද අපට මුහුණ දීමට සිදුව තිබෙනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.