රාජ්‍ය දේපළ සොරා ගන්නා අයත් මරණ දඬුවමට යටත් කළ යුතුයි

රාජ්‍ය දේපළ සොරකම් කිරීමේ සහ දූෂණය කිරීමේ වරද මරණීය දණ්ඩනය නීතියට ඇතුළත් කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (05) ප‍්‍රකාශ කළේය.

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවන සම්මාන ප‍්‍රදානෝත්සවය පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ ශාලාවේ ඊයේ පැවැති අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එසේ කීවේය.

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවන සම්මාන ප්‍රදානෝත්සවය පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ ශාලාවේ ඊයේ පැවැති අවස්‌ථාවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එසේ කීවේය.

මනුෂ්‍ය ඝාතන, රාජෙද්‍රඩහී වීම, සමූහ ස්‌ත්‍රී දූෂණ සහ මත්කුඩු චෝදනා වලට වැරදිකරුවන් වීම මරණීය දණ්‌ඩනයට යටත් බවත් රාජ්‍ය දේපළ සොරකම් කිරීම ද ඊට එකතු කළ යුතු බව තමාගේ අදහස බවත් ජනාධිපතිවරයා එහිදී පැවැසීය.

පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්‍ෂවලින් තමන් එම ඉල්ලීම කරන බවද තමාගේ ධුර කාලය තුළ එය ක්‍රියාත්මක කරනවා නම් ජනාධිපති ධුරයෙන් නික්‌ම යාමට පෙර දෙතුන් දෙනකුට එම දඬුවම ලබාදිය හැකි බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රටේ නීති තිබුණාට ඒවා පොතට පමණක්‌ සීමා වී එකක්‌වත් ක්‍රියාත්මක නොවීම නිසා අපරාධ වැඩිවී ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.