වත්මන් යහපාලන රජයේ අසාර්ථකම මුදල් අමාත්‍යවරයා වන කුප්‍රකට මංගල සමරවීරගේ නොහැකියාව සහ නිසි මූල්‍ය කළමනාකරණ දැනුමක් නොමැති කම හේතුවෙන් වත්මන් යහපාලන රජය සහ රටේ ආර්ථික සහ ව්‍යාපාර කඩා වැටීමකට ලක්වෙමින් තිබේ.
දිනපතා ඩොලරය හමුවේ බාල්දු වන ශ්‍රී ලංකා රුපියල සහ ඊට සාපේක්ෂව නොනැවතී ඉහළ යන භාණ්ඩ හා සේවා මිල ගණනන් ජනතාව දැඩී පීඩනයකට කල්කරමින් සිටී.
ඉන්ධන, ගෑස්, ප්‍රවාහන සේවා ගාස්තු, භාණ්ඩ මිල ගණන් ඇතුළු අතිවිශාල ප්‍රමාණයක මිලගණන් මේ හේතුවෙන් ඉහළ ගිය අතර ඉදිරියේදී වාහන මිල ගණන් ඇතුළු ආනයන ක්ෂේත්‍රයට සම්බන්ධ දේවල් තවත් ඉහළ යෑමට නියමිත බවට වාර්තාවේ.
වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා පවසන්නේ වාහන මිල අවම වශයෙන් ලක්ෂ 3කින් පමණ ඉහළයනු ඇති බවයි.
මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය වාර්තාගත ලෙස යළිත් වරක් ඊයේ (21) දිනයේ දී සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර තිබිණි.
මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 166.77 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 170.65 ක් ලෙසින් සටහන් විය.