ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශක කඩා වැටේ; තිබෙන ආයෝජනත් අහිමි වන ලකුණු!

යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දුර්වල සහ මුල්‍ය කළමනාකරණයේ ඇති නොහැකියාව මත ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවපාතයක් දෙසට ගමන් කරමින් සිටින බවට පෙනී යයි.

දිනපතා ඩොලරය හමුවේ රුපියල විශාල ලෙස බාදුල් වෙමින් පවතින අතර වසර එකහමාරකින් පමණ පසු ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ සියලූ කොටස් මිල දර්ශකය ඊයේ (18) ඒකක 6000 න් පහළට පැමිණියේය.

මේ අනුව ගනුදෙනු අවසානයේ දී ඊයේ (සවස 2.30 ට) සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 5967.97 දක්වා පහත වැටී තිබේ. මීට පෙර සියලු කොටස් මිල දර්ශකය ඒකක 6000 න් පහළට පැමිණියේ 2017 වසරේ මාර්තු 22 වැනිදාය.

මේ වර්ෂය (2018) තුළ ගෙවී ගිය කාලය තුළ පමණක් කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකයේ සිදුව ඇති කඩාවැටීම මේ වනවිට සියයට 06 ද ඉක්මවා ගොස් ඇත. මෙම සියලු කොටස් මිල දර්ශකය ඒකක 6000 සීමාව මුල්වරට පසු කළේ වර්ෂ 2010 සැප්තැම්බර් 09 වැනිදාය.

කෙසේ වෙතත් මෙලෙස කොටස් වෙළෙඳපොල කඩා වැටීම හමුවේ මෙරටට පැමිණෙන ආයෝජකයින් නොපැමිණෙන අතර දැනට සිටින ආයෝජකයින් පවා මෙරට ව්‍යාපාර අත්හැර යෑමේ දැඩි අවධානයක් පවතී.

ආර්ථික හෝ මුල්‍ය ක්ෂේත්‍රයේ නිසි දැනුමක් නොමැත්තෙකු ලෙසට වාර්තාවන වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව මත විනාශ වන ශ්‍රී ලංකාවේ ව්‍යාපාරත්, කඩා වැටෙන ආර්ථිකය සහ මුල්‍ය ක්ෂේත්‍රයත් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සහ ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා වන ජනාධිපති ලෙසට සිටින මෛත්‍රීපාල සිරිසේනත් අගමැතිකමට පත්ව සිටින රනිල් වික්‍රමසිංහත් අබිං ගැසුවාක් මෙන් නිහඬව සිටීම දැඩි ප්‍රශ්නාර්ථයකි.

ආශ්‍රිත පුවත්: මංගල දැන් ඔය ඇති.. පුළුවන් දෙයක් ඉල්ලන් කරමුද..?

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *